පස්ගොඩ කොරෝනා මට්ටු කළ රහස

pasgoda

මේ වන විට ආයුර්වේද බේත් මඟින් පස්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොරෝනා වසංගතයේ පැතිරීම 90%ක් මර්දනය කළ බව පස්ගොඩ ආයූර්වේද ප්‍රජා වෛද්‍ය නිලධාරී දර්ශන රාජපක්ෂ මහතා පැවසීය.

ඒ අනුව මේ වන විටත් ගම් මට්ටමින් කණ්ඩායම් පිහිටුවා බෙහෙත් සකස් කිරීමට පුහුණුවක් දී ගමින් ගමට ගොස් කොරෝනා මර්දනයට අවශ්‍ය බෙහෙත් හා පැතිරීම වැළැක්වීමේ කසාය, පැතිරීම වැළැක්වීමේ ක්‍රමවේද ප්‍රතිශක්තිකරණ බෙහෙත් ආදිය දීමෙන් හා ආයුර්වේද ක්‍රම යොදා ගනිමින් මර්දනය කර ඇති බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

මේ වැඩපිළිවෙළේ ප්‍රධානත්වය ගෙන ක්‍රියා කරනා සමාජ සේවක හා විශ්‍රාමික පරිපාලන නිලධාරී විමල් සමරසිංහ මහතා මෙසේ පැවසීය.

“මේ වන විට කණ්ඩායමක් වශයෙන් අපි එකතු වෙලා ගම් මට්ටමින් ගිහින් ප්‍රජා වෛද්‍ය නිලධාරී චතුර හා දර්ශන යන මහත්වරුන් සමඟ කොරෝනා මර්දන කසාය හා ප්‍රතිශක්තිකරණ බෙහෙත රෝගීන්ට හා ජනතාවට ලබා දෙනවා.

මේ දක්වා විශාල පිරිසකට බේත් කර අවසන්. දින තුනෙන් සුවපත් වුණා. බෝ වීම පාලනය වුණා. පවුලේ එක්කෙනෙකුට හැදුනොත් අනෙක් අයට බෝ වෙන්නේ නෑ. කිරුවානාගඟ වත්තේ ද්‍රවිඩ කම්කරුවන් 62කට හැදුණා.

අපි බේත් කරල සියලු දෙනාම බේර ගත්තා. සියලු කම්කරුවන්ට ප්‍රතිශක්තිකරණ බේත දුන්නා. මේ වන විට ග්‍රාම සේවා වසම් මට්ටමින් අපි ක්‍රියාත්මකයි. කිසිම කෙනෙක් අපි දැනුවත්ව මැරෙන්න දෙන්නෙ නෑ,” කිරුවානාගඟ වතු කළමනාකරු ජයතිලක මහතා,

“මගේ වතුයායේ කම්කරුවන් 63 දෙනකුට එකවර පොසිටිව් වුණා. මම මහත් සේ බිය වුණා. ලයින් කාමරවල එක ගොඩේ විශාල පිරිසක් ඉන්නවා. මම හිතුවා මුළු ප්‍රදේශයටම බෝ වේවි කියලා. මේ අය එතරම් දැනුවත් නෑ. ගම්වල ගිහින් ඇවිදිනවා.

පසුව පස්ගොඩ ප්‍රජා සේවා වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු කණ්ඩායමක් ඇවිත් රෝගීන්ට බෙහෙත් හදලා දීලා අනිත් සියලුම කම්කරුවන්ට ප්‍රතිශක්තිකරණ බෙහෙත් දුන්නා. අපි සම්පූර්ණ සහයෝගය දුන්නා.

ඒත් මට මේ ගැන එතරම් විශ්වාසයක් තිබුණෙ නෑ. ආශ්චර්යක් වගේ සියලුම දෙනා සුව වුණා. ඊට පස්සේ බෝ වීමත් නතර වෙලා. මේ වන විට කිසිදු රෝගියකු නෑ. දැන් මම 100%ක්ම විශ්වාස කරනවා මේ බේත් පන්තියේ පිහිටෙන් අපේ වත්තේ කොරෝනාව නතර වුණා කියලා.”

ධර්මදාස සිරිවර්ධන – ගාල්ල දිස්ත්‍රික් සංචාරක

dinamina

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….