ප්‍රංශයේ ආර්ථික සංවර්ධන වේගය වඩාත් ඵලදායී කිරීම පිණිස ක්‍රියාත්මක කළ යුතු යෝජනා සම්බන්ධයෙන් ප්‍රංශයේ දී පවත්වන ලද රචනා තරගයකින් යාපනයේ දැරියක් පළමු ස්ථානය හිමි කරගෙන තිබේ.

යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ ජීවත්වී මීට වසර හයකට පෙර ප්‍රංශයට ගිය කුමාරසාමී ලියානී නමැති මෙම ශිෂ්‍යාව තරගයට ඉදිරිපත් වූ තරගකරුවන් 13660ක් අතරින් පළමු ස්ථානය හිමි කරගෙන තිබේ.

එම ශිෂ්‍යාව ප්‍රංශයට ගොස් ඉතාම කෙටි කාලයකින් ප්‍රංශයේ ආර්ථික හා සමාජ රටාව අවබෝධ කරගෙන ඉතා උසස් මට්ටමේ රචනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ප්‍රංශ රජය ද ඇයට සුබ පතා ඇත.

Similar Posts