පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ රූමත් සේවිකාවන් දෙදෙනකුට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි කනිෂ්ඨ සේවකයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.

එම කාර්යාංශයේ නිලධාරීහු පාර්ලිමේන්තු සංකීර්ණයට ගොස් මේ පිළිබඳව පසුගියදා විමර්ශන පැවැත්වූහ.

එම ලිංගික හිංසන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සහකාර ගෘහපාලකවරයා ඇතුළු දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇත.

රාජ්‍ය ආයතන අතර පැන නැගෙන ආරවුල් විසඳීම සඳහා නෛතික විධිවිධාන හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රාජ්‍ය ආයතන අතර පැන නැගෙන ආරවුල් කඩනමින් විසඳා ගැනීමට හැකිවන පරිදි යෝග්‍ය නීතිමය විධිවිධාන හඳුන්වා දීමේ අවශ්‍යතාවය පෙනී ගොස් ඇතැයි රජය පවසයි.

ඒ අනුව නීතිපතිගෙන් විමසමින් ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙසට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Similar Posts