පාරිභෝගිකයා වෙනුවෙන් වෙළඳපළ පාලනයට පාරිභෝගික අධිකාරිය මැදිහත් නොවන බවට චෝදනා නැගේ.
බිත්තර, සහල් ආදී ආනයනික භාණ්ඩ මිල පාලන අවශ්‍යතාවක් පවතී. එහෙත් පාරිභෝගික අධිකාරිය ඊට කිසිදු මැදිහත්වීමක් සිදුනොකරන බව එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක වරලත් ඉංජිනේරු සුමේධ රත්නායක මහතා පවසයි.
ජීවන වියදම වැඩි වී තිබේ. එය පාලනය ජනතාවට ප්‍රතිලාභ හිමිවන සාධකයකි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සහ පාරිභෝගිකයා මුහුණ දෙන ගැටළු සම්බන්ධව එක්සත් ජනරජ පෙරමුණ විසින් පවත්වන ලද මාධ්‍ය හමුවට එක්වෙමිනි. ඊට එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහ ජනරජ කාන්තාවෝ විධායක සභික මධුරි රණසිංහ මෙනෙවිය ද සහභාගී වූහ.

Similar Posts