dailyreporter

මේ රට පාලනය කිරිමට රජයක් පත් කරන්නේ මේ රටේ ජනතාව වුනත් එම පාලකයන් පත් කිරිමේදි ඔවුන් පිලිබදව මේ රටේ ජනතාව නිසි ලෙස සොයා බැලිමක් නොකරන බව මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා නිරික්ෂන මධ්‍යස්ථානයේ (C.M.E.V) සම්බන්ධිකාරක එම්. එන්. වික්ටර් මහතා පවසයි.
රටේ ජනතාවගේ ඡන්ද අයිතිය පිලිබදව සිවිල් සමාජ ක්‍රියාරින් දැනුවත් කිරිමේ වැඩ මුළුවක් අමතමින් මේ බව පැවසු වික්ටර් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.

තමන්ට ඇදුමක් ලබා ගැනිමට කඩයකට යන අය එම ඇදුම තෝරා ගන්න හැම ඇදුමක්ම අවුස්සලා තෝරලා ගන්නේ එත් තම ඡන්දය ප්‍රකාශ කිරිමේදි ඔහු පිලිබදව නිසි සොයා බැලිමක් කරන්නේ නැතිව තම ඡන්දය ලබා දිමට කටයුතු කරයි.
දැන් සමහර අය කියනවා ඡන්දයක් නැහැ නේද කියලා මේ ඡන්දය අපේ අයිතියක් අපි එම අයිතිය ලබා ගැනිමට පියවර ගත යුතුයි මොකද අපි මේ ජිවත්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදි රටක් තුලයි එම ප්‍රජාතන්ත්‍රවාදි රට තුල අපි අපේ ඡන්ද අයිතිය නිසි ලෙස ලබා ගැනිමට කටයුතු කල යුතුයි.
අපි මේ ඡන්ද අයිතිය ලබා ගත්තට මදි තමන් ඡන්දය ලබා දෙන්නේ කාටද එම අය කවුද යන්න පිලිබදවත් හොදින් සිතා බැලිය යුතුයි අද විශේෂයෙන් වතුකර ජනතාව විවිධ අයුරින් රැවටිම්වලට ලක් කර ඔවුන්ගේ ඡන්දය ලබා ගැනිමට සමහර අය කටයුතු කරනවා එයින් මේ ජනතාව ගලවා ගැනිමට මේ සිවිල් සමාජ ක්‍රියාකාරින් පියවර ගත යුතුයි.

මැතිවරණ කොමිසන් සභාවේ හිටපු සමාජික එම්. එම්. මොහොමඩ් මහතා ලංකාවේ මැතිවරණ ක්‍රම පහක් පවතිනවා එය තමයි ජනාධිපති මැතිවරණය, පාර්ලීමේන්තු මැතිවරණය, පලාත් සභා මැතිවරණය, පලාත් පාලන මැතිවරණය, ජනමත විචාරනය.
මෙහිදි ජනාධිපති මැතිවරණය ලංකාවම එකම මැතිවරණ බල ප්‍රදේශයක් ලෙසයි ගනන් ගන්නේ පාර්ලීමේන්තු මැතිවරණයේදි මේ රට මැතිවරණ දිස්ත්‍රික්ක 22කට බෙදෙනවා, පලාත් සභා මැතිවරණයේදි මේ රට මැතිවරණ දිස්ත්‍රික්ක 25කට බෙදෙනවා, පලාත් පාලන මැතිවරණයේදි මේ රට මැතිවරණ බල ප්‍රදේශ 341කට බෙදෙනවා.
මේ රට තුල පැවති මැතිවරණ පිලිබදව පසු විපරම් කිරිමේදි මේ රටේ සමහර පිරිස් තම ඡන්දය බාවිතා නොකර ඇති බවත් පෙනි ගොස් තියෙනවා එය වැරදියි මේ රටේ හැම ඡන්දදායකුම තම ඡන්දය කාට හෝ ලබා දිමට පියවර ගත යුතුයි එවිටයි මේ රටේ නියම ජන මතය පිලිබිබු වන්නේ.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts