පවතින දැඩි වියළි කාලගුණික තත්වයන් හමුවේ හැටන් අධ්‍යාපන කලාපයේ සමහර පාසල්වල නිවාසාන්තර මලල ක්‍රිඩා පැවැත්විමට පියවර ගැනිමත් සමග එම විදුහල්වල සිසුන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
පවතින දැඩි වියළි කාලගුණික තත්වයන් මත පාසල්වල සිදුවිය යුතු කටයුතු පිලිබදව අධ්‍යාපන අමත්‍යාංශය විසින් නිකුත් කර ඇති විවිධ නියෝග මායිම් නොකර පාසල් සිසුන් අසිරුතාවයන්ට පත්වන ලෙස සිදු කරනු ලබන මෙම ක්‍රියාවන් පිලිබදව එම සිසුන්ගේ දෙමාපියන් පිරිසක් දැඩි අප්‍රසාදය පලකර සිටිති.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන දෙමාපියන් පිරිසක් පවසනුනේ මෙම ප්‍රදේශයන්ට පවතින දැඩි වියළි කාලගුණික තත්වයන් හමුවේ මෙසේ ක්‍රිඩා තරග සදහා සිසුන් යෙදවිම තුලින් තම දරුවන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වන බවත්ය.

දැඩි අව්රස්මිය හමුවේ පාසල්වල ක්‍රිඩා තරග පුහුණුවිම්වලට සහාභාගිවන තම දරුවන් මේ වන විට විවිධ ලෙඩ රෝගවලට ලක්වෙමින් පවතින බවත් මෙම තත්වයන් මත තම දරුවන්ගේ සෞඛ්‍යට විවිධ බලපැම් එල්ලවෙමින් පවතින බවද එම පිරිස් පවසති.
එමෙන්ම අමත්‍යාංශ නියෝගවලට එරෙහිව කටයුතු කරනු ලබන විදුහල්පතිවරුන් ගුරුවරුන් පිලිබදව අදාල බලධාරින් දැඩි පියවරක් ගත යුතු බවත් දැඩි අව් රස්මිය හමුවේ පවත්වන ක්‍රිඩා තරගවලදි යම් පාසල් සිසුවකුට හෝ යම් කරදරයක් සිදු වුවහොත් එහි පුර්ණ වගකිම එම විදුහල්පතිවරුන් ඇතුළු ගුරුවරුන් බාර ගත යුතු බවද එම පිරිස වැඩි දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts