හැටන් අධ්‍යාපන කලාපයේ පාසල් අධාපනය නිම කල සිසු සිසුවියන් සදහා වෘත්තිය පුහුණු වැඩමුළු මලාවක් ආරම්භ කිරිමට කැන්ඩි සිටික් කරිටාස් ආයතනයේ හැටන් ශාඛාව මගින් පියවර ගෙන ඇත.
මේ තත්වයන් පිලිබදව අදහස් දැක්වු කැන්ඩි සිටික් කරිටාස් ආයතනයේ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකාරක එස්. නිකලස් මහතා පවසන ලද්දේ හැටන් අධ්‍යාපන කලාපයේ පාසල් අධ්‍යාපනය නිම කර රැකියා විරහිතව සිටින පිරිස් සදහා වෘත්තිය පුහුණු වැඩ මුලු මලාවක් ආරම්භ කිරිමට පියවර ගෙන ඇති බවත්ය.
තමන්ට අවශ්‍ය වෘත්තිය පුහුණුව කුමක්ද යන්න පිලිබදව නිසි අවබෝදයක් නොමැති විමෙන් කරනු ලබන වෘත්තිය පුහුණු වලින් බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බවත් එම තත්වයන් මත තමන්ට අවශ්‍ය වෘත්තිය පුහුණුව කුමක්ද යන්න පිලිබදව මුලික දැනුමක් අදාල වෘත්තිය පුහුණුලාභින්ට ලබා දිමට පියවර ගත් බවද නිකලස් මහතා පැවසිය.
ඒ අනුව එම සිසුන් සදහා තමන්ට කැමති වෘත්තිය පුහුණුව කුමක්ද යන්න තෝරා ගැනිම පිලිබදව හා එම වෘත්තිය පුහුණුවෙන් ලැබෙන ප්‍රථිලාබ පිලිබදව සිසුන් දැනුවත් කිරිම නිව්වැලි වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ ස්ථාන බාර නිලධාරි ආර්. කමලේස්වරන් මහතා විසින් සිදු කරන අයුරු මෙහි දැක්වේ.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts