මෙයට වසර පහකට පෙර එල්ලවු පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය පිරිස් සිහි කරමින් හා එයින් තුවාල ලැබු පිරිසට සෙත් පතමින් හැටන් සිරි කුරුස දේවස්ථානයේදි 21වන දින වීශේෂ සැමරුම් උත්සවයක් පවත්වන ලදි.

හැටන් සිරි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක නියුමන් පිරිස් පුජකතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සැමරුම් උත්සවය පැවති අතර එහිදි එම බෝම්බ ප්‍රහාරය එල්ලවන අකාරය විදහා දැක්වෙන විථි නාට්‍යක්ද රග දැක්විමටද තරුන පිරිසක් විසින් පියවර ගෙන තිබුනි.

මෙම අවස්ථාවට හැටන් ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ පුජකවරයකු හැටන් සහකාර පොලිස් අධිකාරි එම්. ෆාරුක් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටි අතර පැමින සිටි පිරිස ඉටි පහාන් දල්වා මිය ගිය පිරිස සිහිකිරිමටත් තුවාල ලැබුවන්ට සෙත් පැතිමටත් පියවර ගන්නා ලදි.

මනුර සුදත් සෙල්ලහේවා හැටන්

Similar Posts