පුරවැසියන් වෙනුවෙන් කරපු සහ කරන සමාජ දේශපාලනික මැදිහත්වීම් වලට සුරංග සොයුරාට උපහාර තිළිණයක්

“මාත්‍රා කලා හා සංස්කෘතික සංසදය ” සමග ඇති සහෝදරාත්මක සබැදියා මතකය වසර 17 තරම්. මම NCDF ආයතනය ගොඩනගන්නේ 2005 දි. හරියටම මට අවුරුදු 21 දි. NCDF එක ගොඩනැගීමේ මුල්ම සාකච්ජාවට මම රවී අයියටත් ආරාධානා කරනව ,( රවී අයියට එතකොටත් දැවන්ත සමාජ සබඳතා තිබ්බ26 හැවරදි තරුණ ගුරුවරයෙක්)ඒත් එදා රවි අයියට ඒ සාකච්ජාවට එන්න බැරි උනෙත් කලා කටයුත්තක් නිසාමයි. ඒ කොහොම වෙතත් NCDF එක විදිහට අපි කරපු සෑම පුරවැසි මැදිහත් වීමක් සදහාම රවි අයියා සහ මාත්‍රා කණඩායම අනූපමය දායකත්වයක් ලබා දීල තියනව.
2007 වර්ෂය කියන්නෙ යුද්ධය දරුණුවටම යන කාලයක්, සුළුතර ප්‍රාජාවගේ අයිතිවාසිකම් ගැන, ප්‍රාජාවන් අතර සංහිදියාව ගැන අපි කරපු මැදිහත් වීම් නිසා ජාතිවාදි සහ ජාතිකවාදි කණඩායම් සහ පක්ෂ වලින් මෙන්ම එවකට රජයේ බුද්ධි අංශ වල දැඩි උදහසට හා දෝෂදර්ශනයට, අපහාසයන්ට මෙන්ම ප්‍රශ්න කිරිම් , දුරකථන ඔස්සේ තර්ජනය කිරිම් ,පසුපස ලුහුබැදීම් වැනි අභියෝග රාශියකට අපි මුහුණ දුන් කාලයක්( එවකට අපි කතාරපු දේවල් වලට දැඩි මතවාදි ප්‍රහාර එල්ල කරපු අය එවකට අපි පෙනිසිටි මතවාද නිවැරදි බව අද පිළිගැනිම සතුටක්)
2007 දි NCDF අපි “ඉඩෝර මල් සාම ගීතාවලිය” නමින් ගමින් ගමට යන ප්‍රසංගයක් සංවිධානය කරනව. එවකට පැවති ආණ්ඩුවේ හැසිරීම සහ යුධ උන්මාදමත් ප්‍රජා පැලැන්තියත් එක්ක එය දැඩි අභියෝගමත් ක්‍රියාකාරකමක්.මායිම් ගම් වලට ගොස් රාත්‍රී කාලයේදි එවැනි වැඩසටහනක් එක්ක සංවාදයක් කරල මානව අයිතිවාසිකම් ගැන , සාමය හා සංහිදියාව ගැන කතා කරනව කියන්නෙම එවකට පැවති දේශපාලනික තත්වයන් එක්ක ඇත්තටම අභියෝගයක් . ඔව් රවී අයියා ඒ අභියෝගය භාරගන්නව , ප්‍රසංගය ඉදිරිපත් කිරීම පමණක් නෙමේ එය සංවිධානය කිරීම් අවසර ලබා ගැනීම් වැනි හැම බාධාවක්ම ජයගන්න රවී අයිය මැදිහත් වෙනව. මිනිස් හිත් නිවෙනා හැන්දෑවන් රාශියක් සදහා සංගීතමය මැදිහත්වීම මාත්‍රා කණඩායම විසින් ලබාදෙනව. එදා ඉඳන් අද වෙනකම් අපි පුරවැසියන් වෙනුවෙන් කරපු සහ කරන සමාජ දේශපාලනික මැදිහත්වීම් වලට අදාල සංස්කෘතිමය ප්‍රවේශයන් වලදී ‍රවී අයියගේ සහ නිමල් අයියගේ ඉදිරිපත් වීම මාරම හයියක්.
මාත්‍රා කලා හා සංස්කෘතික සංසදය විසින් නිර්මාණය කල” දූවිලි” වාර්තා චිත්‍රපට මාලාව එලිදැක්වූ දිනයේදි මවෙත තිළිණ කල මේ මතක සටහනට ස්තූතියි.

සුරංග රූපසිංහ

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….