දිවයින පුරා බන්ධනාගාරවල රඳවා සිටින රැඳවියන්ගේ ධාරිතාවය සියයට 290කින් ඉක්මවා ගොස් ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අනාවරණ කළේය.

ජාතික විගණන කාර්යාලය සිදුකළ “බන්ධනාගාරවල රැඳවියන්ගේ තදබදය කළමනාකරණය පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාව” පසුගියදා එළිදක්වනු ලැබීය.

ජාතික විගණන කාර්යාලය සිය වාර්තාව මඟින් අනාවරණ කරන්නේ, බන්ධනාගාරගත රැඳවුන්ගෙන් බහුතරය වයස අවුරුදු 30ත් 40ත් අතර පසුවන්නන් බවය.

විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කෙරුණු එම වාර්තාවට අනුව 2022 දෙසැම්බර් 31 වනවිට දිවයින පුරා බන්ධනාගාරවල රඳවා තැබිය හැකි රැඳවියන්ගේ ධාරිතාවය 11,291ක් වුවත් එදින වනවිට රඳවා සිට ඇති පිරිස 26,176කි.

.ඒ අනුව බන්ධනාගාරවල රඳවා සිටිය හැකි රැඳවියන්ගේ ධාරිතාවය 232% කින් ඉක්මවා ගොස් තිබේ.

 

Similar Posts