බන්ධනාගාර ගතවන තරුණයන්ගේ අධ්‍යාපන අවස්ථා වැඩි කෙරේ

බන්ධනාගාරගතවන තරුණ වයසේ පසුවන වැරදිකරුවන්ගේ අධ්‍යාපන අවස්ථා ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව, සියලුම අධිකරණ විනිසුරුවන් වෙත උපදෙස් දී තිබේ.

විවිධ වැරදි කර අධිකරණ නියෝග මත බන්ධනාගාරගතවන තරුණ වයසේ පසුවන වැරදිකරුවන්ට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සඳහා පෙනී සිටිමින් ඔවුන්ගේ අනාගතය සාර්ථක කරගැනීමට අවස්ථාව සැලසීම උදෙසා අධ්‍යාපන අමාත්‍යාංශය හා බන්ධනාගාර පුනරුත්ථාපන අමාත්‍යාංශයේ එකඟතාව අනුව 2014 වසරේදී හෝමාගම වටරැක එළිමහන් සිර කඳවුරු භූමියේදී ‘‘සුනීත’’ ජාතික පාසල ආරම්භ කර තිබිණි. මෙම සුනීත ජාතික පාසල සතුව ප්‍රධාන ශාලාව සහිත පන්ති කාමර ගොඩනැගිල්ලක්ද, පරිපාලන අංශය , විද්‍යාගාරය, පරිගණක හා භාෂා විද්‍යාගාර ඇතුළු නවීන පහසුකම් සහිත මහින්දෝදය විද්‍යාගාර දෙමහල් ගොඩනැගිල්ලක්ද, එම විද්‍යාගාරවලට අවශ්‍ය සියලුම පරිගණක සහ නව උපාංගද තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි.

මෙම පාසල විවෘත කළ වසරේදී තරුණයන් 80 කට වැඩි පිරිසක් පාසලට ඇතුළත් වී අධ්‍යාපනය ලබා ඇත. පසුකාලීනව ක්‍රමයෙන් එම පිරිස අඩුවී තිබේ. අධිකරණ මගින් එම පාසල වෙත තරුණ වයසේ පසුවන වැරදිකරුවන් යොමු නොකිරීම හේතුවෙන් එම තත්ත්වය උද්ගත වී තිබේ.

වර්තමානය වන විට සුනීත පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 09 ක් වන බවත්, එය බන්ධනාගාරගත වූවන්ගේ පහළ යාමක් නිසා වූවක් නොව අධිකරණය මගින් එම පාසලට ළමයින් යොමු නොකිරීම මත වූවක් බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙයි.

සුනීත විද්‍යාලයේ ඇති සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා එහි ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ නැංවීම කළ යුතු හෙයින් අධිකරණයෙන් බන්ධනාගාරයට යොමු කරන තරුණ වයසේ පසුවන වැරදිකරුවන් ඍජුවම හෝමාගම වටරැක බන්ධනාගාරය වෙත යොමු කිරීමට පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබේ.

අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති) පියුමන්ති පීරිස් මේ පිළිබඳ ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනයද දැනුවත් කර තිබිණි. ඒ අනුව අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සියලුම විනිසුරුවරුන් වෙත අදාළ උපදෙස් දෙනු ලැබීය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….