ala

අපේ රටට අවශ්‍ය අර්තාපල් සම්පූර්ණ ප්‍රමාණයම රටේ නිපදවීම ඉලක්ක කර ගනිමින් නුවරඑළිය, සීතාඑළිය හා දියතලාව, කහගොල්ල බීජ අර්තාපල් ගොවිපොළවල නිෂ්පාදන කටයුතු ඉහළ නැංවීමට වහා පියවර ගන්නැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් ලබා දී ඇත.

අර්තාපල් මූලික බීජ සැකසීම දැනට මිලියන 03ක් දක්වා ඉහළ නංවා ඇති අතර, එමඟින් අර්තාපල් මෙට්‍රික්ටොන් 3000ක ප්‍රමාණයක් සකසා ගැනීමට හැකිවේ.

එය සමස්ත ජාතික අවශ්‍යතාවයෙන් සියයට 24කි. නමුත් මෙය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන නිසා අර්තාපල් බීජ නිෂ්පාදනය ඉදිරි වසරේ සියයට 80ක් දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙස ද කෘෂිකර්ම ඇමැතිවරයා නිලධාරින්ට උපදෙස් දී තිබේ.

ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන දැනට කෘෂිකර්ම අමාත්‍යාංශයට හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ලබා දී ඇති මූල්‍ය ප්‍රතිපාදනවලින් වෙන් කරන ලෙසත්, ඊට අමතරව කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ව්‍යාපෘතිවලිනුත් ලබා දෙන ලෙසත් ඇමැතිවරයා නියෝග කර ඇත.

එමෙන්ම කහගොල්ල බීජ අර්තාපල් ගොවිපොළ මඟින් නිෂ්පාදන වාර්තාවක් සතියකින් ලබාදෙන ලෙස ද ඇමැති මහින්ද අමරවීර මහතා දැනුම් දී තිබේ.

Similar Posts