බීලුනු රතු ළුනු ඇතුළු ආහාර ද්‍රව්‍ය කිපයක මිල දිනෙන් දින දැඩි ලෙස ඉහල යාමත් සමග බොහෝ පිරිසක් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බොහෝ පිරිසක් පවසනුයේ මේ වන විට මෙම ප්‍රදේශයේ බී. ලුනු ක්‍රිලෝවක් 420ත් 480ත් රතුළුනු ක්‍රිලෝව රුපියල් 800ත් 900ත්, අමු මිරිස් ක්‍රිලොව රුපියල් 1400ත් 1600ත් බිත්තරය මිල රුපියල් 60ත් 65ත් දක්වා ඉහල ගොස් ඇති බවත්ය.
දිනෙන් දින මෙසේ ඉහල යාම වෙළද මාෆියාවක් බවත් මෙම තත්වයන් මත තමන්ට දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් බඩු මිල මෙසේ දිනෙන් දින ඉහල ගියද තමන්ගේ ආර්ථික තත්වයන් ඉහල නොයන බවත් මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද එම පිරිස් පවසති.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන වෙළදුන් කිප දෙනකුම පවසන ලද්දේ දිනෙන් දින ඉහල යන බඩු මිල හමුවේ පාරිභෝගිකයන් මෙන්ම තමන්ද දැඩි දුෂ්කරතාවයන්ට පත්වන බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා හැටන්

Similar Posts