හැටන් බණ්ඩාරනායක පුර මාවඩි භද්ද්‍රකාලි අම්මාන් හින්දු කෝවිලේ 46වන වාර්ෂික තේරු උත්සව නිමිති කර ගෙන පවත්වන ලද කිරි කල පෙරහැර හැටන් නගරයේ විථි සංචාරය කරන ලදි.
මෙම කිරි කල පෙරහැර හැටන් බණ්ඩාරනායක පුර ශ්‍රි සුමණාරාම විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කර මාවඩි භද්ද්‍රකාලි හින්දු කෝවිල දක්වා ගමන් කර පෙරහැරින් රැගෙන එන කිරිවලින් භද්ද්‍රකාලි අම්මාන් දේව ප්‍රථිමාව දෝවනය කිරිම සිදු කල අතර මෙම කිරි කල පෙර හැර සදහා ප්‍රදේශයේ හින්දු හා සිංහල කාන්තාවන් පිරිසක් එක්ව සිටියහ.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts