dailyreporter

වසරක් ගෙවී වසරක් උදාවනවිට ක්‍රි.ව. 1555 දී ප්‍රංශ ජාතික නොස්ට්‍රඩමස් අනාවැකිකරු විසින් ප්‍රකාශයට පත් කරන ලද ලෙස් ප්‍රොෆෙටිස් ( Les Prophéties / The Prophecie) නම් කෘතියේ පිටු පෙරළා බැලීමට සකල ලෝක වාසීන් ම බලා සිටින්නේ මහත් කුතුහලයෙනි.

එයට හේතුව මේ වනවිට ඔහු විසින් පවසන ලද අනාවැකි බොහොමයක් සැබෑවී තිබීම ය.

නැපෝලියන් ගේ හිට්ලර් ගේ බලවත් වීම, කෙනඩි ඝාතනය, ඇමෙරිකාවේ 9/11 ප්‍රහාරය, වැනි ඈත ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් වාගේම මෑත ඉතිහාසයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අභාවය ද අකුරට ම නිවැරැදිව නොස්ට්‍රඩමස් විසින් පළකර තිබිණි.

නොස්ට්‍රඩාමස් දක්වා ඇති පරිදි  2024 වසරේ දී භයානක මුහුදු රැල්ලක් ගැන දක්වා තිබෙන අතර මහා සාගතයක් ගැන ද සඳහන් කර තිබෙයි. සමහරු පවසන්නේ සුනාමියක් කෘෂිකර්මයට බලපෑමෙන් බෝග විනාශ වී ආහාර හිඟයක් ඇති වියහැකි බවට අනතුරු අගවා ඇති බව ය.

Similar Posts