bummii

රට තුල පවතිව ගෑස් හා භුමි තෙල් හිගය උග්‍ර තත්වයන්ට පත් විමත් සමග මෙම ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ ගෑස් අර්බුදයට විසදුමක් ලෙස අමතර මුදලක් වැය කර තම නිවෙස්වලට භුමි තෙල් උදුන් ලබා ගත්තද මේ වන විට මෙම ප්‍රදේශයන් තුල පවතින ගෑස් හා භුමි තෙල් හිගය උග්‍ර තත්වයන්ට පත් විමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

හැටන් නගරය තුල ඉන්ධන හල් තුනක් (අයි.ඕ.සී. එකක් හා සිපෙට්කෝ දෙකක්) පැවතියද එක් සිපෙට්කෝ ඉන්ධන හලක් පමනක් භුමි තෙල් බේදා හැරිම සිදු කරන බවත් එම තත්වයන් මත එම ඉන්දන හලට ලැබෙන භුමි තෙල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවිම මෙම භුමි තෙල් හිගයට ප්‍රධාන හේතුවවි ඇති බවද එම පිරිස් තව දුරටත් පවසති.

එමෙන්ම දැනට දින කිපයක් පුරාවට හැටන් ප්‍රදේශයට ගෑස් හා භුමි තෙල් තොග නොලැබිමත් සමග තමන්ට තම නිවෙස්වල අහාර සකස් කර ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන් මෙසේ දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද එම පිරිස් තව දුරටත් පවසති.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි නගරයේ ගෑස් අලෙවි කරුවන් පවසන ලද්දේ දැනට දින කිපයක් තුලම ගෑස් නොලැබුන බවත් දින ගනනාවකට පසුව ලැබෙන ගෑස් තොගද ප්‍රමානවත් නොවිමෙන් දැඩි ගෑස් හිගයක් පවතින බවත්ය.

භුමි තෙල් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ඉන්දනහල සේවයන් පවසනුයේ දැනට දින කිපයකින්ම භුමි තෙල් නොලැබිම හේතුවෙන් මෙම තත්වයන් උදාවී ඇති බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts