යාපනයේ මනිපායී රෝහල අංග සම්පූර්ණ රෝහලක් බවට පත් කිරීම සදහා විදෙස් රටවලින් පැමිණි හතලිහකගෙන් පමණ සමන්විත පාපැදිකරුවන් පිරිසක් මේ දිනවල යාපනය පුරා සැරිසරමින් මුදල් ආධාර එකතු කරති.

මේ පිරිස මහනුවර සිට වවුනියාව හරහා යාපනයට සයිකල් සවාරියෙන් පැමිණි අතර යාපනය මනිපායී රෝහල අංග සම්පූර්ණ රෝහලක් බවට පත්කිරීමේ ඇති අවශ්‍යතාවය ද පණිවුඩයක් වශයෙන් බෙදා හරිමින් ආධාර එකතු කරනු ලබයි.

යාපනයේ මනිපායී ප්‍රදේශයෙන් යුරෝපයට ගිය දෙමළ තරුණයින් පිරිසක් විසින් පිහිටුවා ගෙන ඇති ස්වේච්ඡා සංවිධානයක් ඔස්සේ මනිපායී රෝහල අංග සම්පූර්ණ රෝහලක් බවට පත් කිරීම පිණිස මුදල් එකතු කිරීම මෙම පාපැදි සවාරියේ අරමුණ වී තිබේ.

මේ පාපැදි සවාරියට ඇමරිකාව, බ්‍රිතාන්‍ය කැනඩාව හා ප්‍රංශය යන රටවල කාන්තා හා පිරිමි සාමාජික සාමාජිකාවන් සහභාගී වී සිටින අතර ඔවුන් දින දාහතරක කාලයක් යාපනය ඇතුළු උතුරේ පළාත් කීපයක පාපැදි වලින් සංචාරය කරමින් ආධාර එකතු කිරීමට සැලසුම් කොට තිබේ.

Similar Posts