රටට, ජනතාවට‍, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඇතුළු සියලු බන්ධනාගාර නිලධාරීන්ට, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සහ බන්ධනාගාර රැඳවූවන්ට සෙත් පතා මාතර බන්ධනාගාරය විසින් සංවිධානය කරන ලද සර්වරාත්‍රිත පිරිත් පින්කමක් හා සංඝගත දක්ෂිණාවක් පසුගියදා මාතර බන්ධනාගාර පරිශ්‍රයේදී පැවැත්විණි.

මාතර බන්ධනාගාර අධිකාරි මංගල වැලිවිටිය මහතා ඇතුළු නිලධාරීන් විසින් සංවිධානය කරන ලද මේ පින්කමට මාතර මන්තින්ද මහ පිරිවෙනෙහි තිස්සමහාරාමයේ ඉන්ද්‍රානන්ද නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කළහ. ‍මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ අමරසිංහ, බන්ධනාගාර මූලස්ථාන අධිකාරි සේනක පල්ලෙතැන්න මහත්වරුන් ඇතුළු පිරිසක් මීට සහභාගි වූහ.

Similar Posts