2023 වසරේ පොලිස් අත්අඩංගුවේ සිටියදී පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

කොළඹ ඊයේ (03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා මේ බව කියා සිටියි. 2024 වසරේ මේ දක්වා ගත වු කාලය තුළ එවැනි සිදුවීම් 07ක් පිළිබඳ වාර්තා වී ඇති බවද ඒ මහතා ප්‍රකාශ කරයි.

2023 වසරේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි 9714ක් ලැබී ඇති බවයි නීතිඥ නිමල් පුංචිහේවා මහතා එහිදී වැඩිදුරටත් අනාවරණ කරයි.

Similar Posts