මේ වන විට මාළු මිල දැඩි ලෙස ඉහළ යාමත් සමග මෙම ප්‍රදේශයේ පාරිභෝගිකයන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන පාරිභෝගියන් පිරිසක් පවසන ලද්දේ මේ වන විට මාළු මිල දැඩි ලෙස ඉහළ ගොස් ඇති බවත් එම තත්වයන් මත තමන්ට මාළු මිලදි ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත්ය.

මෙම තත්වයන් පිලිබදව සොයා බැලිමේදි  අලෙවි වන මාළු මිල මෙසේ දැක්වේ. ලින්නා ක්‍රිලෝව රුපියල් 1400ත් 1500ත්, අලගොඩුවා ක්‍රිලෝව රුපියල් 1200ත් 1300ත්, හුරුල්ලා ක්‍රිලෝව රුපියල් 1500ත් 1600ත්, කුම්බලා ක්‍රිලෝව රුපියල් 1600ත් 1800ත්, සාලයා ක්‍රිලෝව රුපියල් 800ත් 900ත්, පියා මැස්සා ක්‍රිලෝව රුපියල් 1100ත් 1200ත්, ලේන පරවු ක්‍රිලෝව රුපියල් 1600ත් 1700ත්, බෝල්ලා ක්‍රිලෝව රුපියල් 1700ත් 1800ත්, තලපත් ක්‍රිලෝව රුපියල් 3000ත් 3200ත් කෙලවල්ලා ක්‍රිලෝව රුපියල් 3000ත් 3200ත්, කිරි මෝරු ක්‍රිලෝව රුපියල් 2400ත් 2500ත්, දැල්ල ක්‍රිලෝව රුපියල් 2200ත් 2300ත්, ඉස්සා ක්‍රිලෝව රුපියල් 2300ත් 2400ත්, කකුළුවා ක්‍රිලෝව රුපියල් 1600ත් 1800ත්, කහපරවු ක්‍රිලෝව රුපියල් 2200ත් 2300ත්, ගල් මාළු ක්‍රිලෝව රුපියල් 2000ත් 2200ත්, මොරැල්ලා ක්‍රිලෝව රුපියල් 1100ත් 1200ත්, හබරලි ක්‍රිලෝව 1500ත් 1600ත් අතර මිලකට අලෙවි වනු ඇත.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන  මාළු වෙලදුන් කිප දෙනකුම පවසනුයේ මේ වන විට මාළු තොග මිල දැඩි ලෙස ඉහල යාමත් සමඟ මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.

මාළු මිල මෙසේ දැඩි ලෙස ඉහළ යාමත් සමග මාළු අලෙවියද පහල බැස ඇති බවත් එම තත්වයන් මත තමන්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද එම වෙළදුන් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts