bus

මෙවර මැයි දින පෙළපාලි සඳහා දේශපාලන පක්ෂ රැසකින් බස් රථ අයදුම්කර ඇති බව ලංකා ගමන ගමන මණ්ඩලය පවසයි.

ඒ අනුව ඉල්ලුම් කර ඇති පක්ෂ සඳහා බස් රථ ලබාදෙන ලෙස සියලුම ඩිපෝ දැනුවත් කර ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලය කියා සිටියි.

මේ අතර ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ මෙවරත් දේශපාලන පක්ෂ රැසකින් මැයි රැළි සඳහා බස් රථ අයැදුම් කර ඇති බවයි.

එමෙන්ම විවිධ දේශපාලන පක්ෂ මැයි දින රැළි වෙනුවෙන් මුදල් ගෙවා විශේෂ දුම්රිය සේවා අයැදුම් කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Similar Posts