මෙරට දළ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 05ක් දක්වා වැඩි වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, පසුගිය මාර්තු මාසය වන විට දළ නිල සංචිත ප්‍රමාණය මෙලෙස ඉහළ ගොස් ඇති බවය.

දළ නිල සංචිත ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම මහ බැංකුව විසින් ශුද්ධ පදනම මත දේශීය විදේශීය විනිමය වෙළෙඳපලෙන් සැලකිය යුතු ලෙස විදේශ විනිමය මිලදී ගැනීම හේතු වී තිබේ.

මෙම නිල සංචිත සඳහා චීන මහ බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත්ය.

Similar Posts