මෙරට වෙළෙඳපොළේ පාලන බලය කොයිබටද?

අද වනවිට වෙළෙඳපොළ පාරිභෝගිකයාට අහිමි වී ඇති අතර එහි පාලන බලය ලබාගෙන ඇත්තේ ව්‍යාපාරිකයන්ය. වෙළෙඳුන්ය. මෙය යථාර්ථයට පිටින් යාමකි. වෙළෙඳපොළ ගොඩනැගී ඇත්තේ පාරිභෝගිකයා සහ වෙළෙන්දා යන දෙදෙනාගෙන්මය. ඒ දෙපාර්ශ්වයේම සම්මිශ්‍රණය වන්නේ වෙළෙඳපොළයි.

වෙළෙඳපොළෙන් පාරිභෝගිකයා ඉවත් කර එතැන අයිතිය සම්පූර්ණයෙන්ම වෙළෙන්දා ලබාගෙන තිබේ නම් එහි ප්‍රායෝගික තත්ත්වයක් නැත. භාණ්ඩයක මිල තීරණය කිරීමට පාරිභෝගිකයා ප්‍රබලතම සාධකයකි. එයට හේතුව භාණ්ඩ මිල උස් පහත් වීමට ඔහුගේ ඉල්ලුම සාධක වන නිසාය. එසේම ආර්ථික විද්‍යාව අනුව පාරිභෝගිකයාගේ කේවෙල් කිරීමේ අයිතිය භාණ්ඩ මිලට ප්‍රබල ලෙස බලපායි. එහෙත් අද භාණ්ඩ මිල පිළිබඳ කේවෙල් කිරීමේ ශක්තියක් නොමැත. වෙළෙන්දා කියන මිලට ඒවා ලබාගත යුතුය. වෙළෙන්ඳෝ පාරිභෝගිකයා ගැන උනන්දුවක් නොදක්වති. එයට හේතුව එක් අයකු නැතිවූවාට ඔවුන්ට තවත් දහසකුත් එකක් සොයා ගත හැකි නිසාය.

මෙම වෙළෙඳපොළ ඒකාධිකාරීත්වය බිහිවූයේ ඇයි? එයට ප්‍රධානතම හේතුව වෙළෙඳපොළේ භාණ්ඩ හිඟවීමයි. ඉල්ලුමේ තරමට සැපයුම නැත. නිෂ්පාදනය අඩුය. ඒ නිසා මිල ඉහළය. වෙළෙන්දා තීරණය කරන මිලට භාණ්ඩය ගැනීමට පාරිභෝගිකයාට සිදුව ඇත. 2003 වසරේ අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත ප්‍රකාරව පාරිභෝගික සේවා අධිකාරියක් පිහිටුවා ඇත්තේ පාරිභෝගිකයා වෙළෙඳ මාෆියාවෙන් ගලවාගෙන ඔහුට සහන සැලසීමටය. එවැනි ආයතනයක් තවමත් ශ්‍රී ලංකාවේ තිබෙන නමුත් එයින් පාරිභෝගිකයා බලාපොරොත්තු වන තරමේ සහනයක් සැලසී නැත. එහි පවතින විවිධ අඩුපාඩු අතරින් රිංගා ගොස් ස්වකීය අභිමථාර්ථයන් සලසා ගැනීමට වෙළෙන්ඳෝ වාසනාවන්ත වී සිටිති.

භාණ්ඩ හිඟවීම නිසා වෙළෙඳපොළේ සිදුවන අක්‍රමිකතා බහුලය. වෙළෙඳ මාෆියාවක් නිර්මාණය වී ඇත. තොග සහ සිල්ලර වෙළෙඳුන් සම්බන්ධ වී දැනට කරන අක්‍රමිකතාවක් වනුයේ වෙළෙඳපොළට පැරණි මිලට පැමිණි භාණ්ඩ අලුත් මිල ගණන්වලට අලෙවි කිරීමය. ලේඛකයා විසින් වෙළෙඳපොළ තුළ කරන ලද සමීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ ඇතැම් වෙළෙඳ භාණ්ඩවල පැකැට්ටුවේ සඳහන් මිල එසේම තිබියදී ඒවා අලුත් මිල ගණන්වලට විකිණීම සිදුවීමය. ඇතැම් සුපිරි වෙළෙඳසල්වල පවා මෙම වංචාව කරන අතර, කිරිපිටි, පැකට් කළ ආහාර, බිස්කට්, සබන්, දත්බෙහෙත්, සෝදන කුඩු, බුරුසු ආදී ද්‍රව්‍ය අලුත් මිල ගණන්වලට අලෙවි කරයි. ඇතැම් අවස්ථාවල දක්වා ඇති මිල මත වෙනත් කොළයක් අලවා හෝ මිල වෙනස් කර අලෙවි කරන බවද දක්නට ඇත. මෙම තත්ත්වය වැළැක්වීමට බලධරයන් ක්‍රියා කරන බවක් දක්නට නැත.

එසේම පරිප්පු, සීනි, වියළි මිරිස්, පොල්තෙල්, කරවල වර්ග, මාළු, කුකුළු මස්, බිත්තර ආදී ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළේ නොයෙක් වෙළෙන්ඳන් විවිධ මිලට අලෙවි කරන බව පෙනී ගොස් ඇත. එකම වර්ගයේ මයිසූර් පරිප්පු, මුං ඇට, කඩල වැනි වියළි ආහාර වර්ග විවිධ මිල ගණන් යටතේ අලෙවි වන්නේ කෙසේදැයි සොයා බැලිය යුතුය. ආනයන කිරිමෙන් පසු එකම තොග මිලක් වේ නම් ඒවා නගරයේ මෙන්ම ගමේ කඩයේද එකම මිලකට අලෙවි විය යුතුය. ප්‍රවාහනය සඳහා යම් මිල වෙනසක් සිදුවිය හැකිය. එහෙත් එය විශාල මිල වැඩිවීමක් නොවේ. එකම භාණ්ඩය උදේ අලෙවි කරන මිලට වැඩියෙන් සවස විකුණයි. නගරයේ යම් භාණ්ඩයක් හිඟ වූ විට තිබෙන ස්ථානයේ ඒවායේ මිල වැඩි වෙයි.

දේශීය සහල් අලෙවි කිරීමේදීද පාරිභෝගිකයා විශාල වශයෙන් ගසාකෑම සිදුවෙයි. සහල් මිල තීරණය කිරීෙම් ඒකායන බලය වෙළෙඳුන්ට හිමිව ඇත. මහා පරිමාණ මෝල් හිමියෝ බොහෝ අවස්ථාවල බෑග්වල උපරිම සිල්ලර මිල සඳහන් නොකරති. සතියෙන් දෙකෙන් සහල් මිල වැඩි කරන අතර පෙර එවූ සහල්වල ඉතිරිව ඇති පැකට් ද වැඩි කළ මිලට අලෙවි කරන ලෙස මහා පරිමාණ මෝල් හිමියෝ සිල්ලර වෙළෙඳුන්ට බලපෑම් කරති. ඔවුන් වැඩි වූ මිල සිල්ලර වෙළෙන්ඳාගෙන් අයකරන නිසා එම වැඩි මිලට අලෙවි කරනවා හැර වෙනත් විකල්පයක් නැත.

ගැටලුව වන්නේ පැකට් සහ බෑග්වල සඳහන් කර ඇති මිලට වැඩියෙන් අලෙවි කිරීමයි. අද බොහෝ ද්‍රව්‍ය මෙලෙස අලෙවි කරන බවට අපට පැමිණිලි ලැබෙනවා. මෙහිදී අපට සොයා ගන්නට හැකි වූ දෙයක් වන්නේ මේවායේ ඇසුරුම් පෙට්ටි, බෑග් ආදිය ලක්ෂ ගණනින් එකවර නිෂ්පාදනය කරනවා. ඒ අවස්ථාවේ පවතින මිලයි ඒවායේ සඳහන් වන්නේ. එහෙත් අද පවතින තත්ත්වය අනුව මෙම ද්‍රව්‍යවල මිල නිතර වෙනස් වෙනවා. මසකට කිහිප වතාවක් සිදුවිය හැකියි. එසේ වූ විට ව්‍යාපාරිකයන්ට නිතරම ඒ පැකට්වල මිල වෙනස් කළ නොහැකි නිසා එම බෑග් ආදිය ඇසුරුම්වල දමා ඒවායේ සඳහන් මිලට වඩා වැඩි මිලට අලෙවි කරනවා. මේක ප්‍රායෝගික ගැටලුවක්. මෙවැනි අවස්ථාවලදී සඳහන් කර තිබෙන මිල ගැන නොසලකා අලෙවි කරන්නට වෙළෙඳුන්ට සිදුවෙනවා. එසේ නොවේ නම් ඒ ඇසුරුම්වල මිල වෙනස් කර හෝ එය මතින් යම් කඩදාසියක් අලවා ඒ මිලට අලෙවි කරනවා. අද වෙළෙඳපොළේ අලෙවි කරන්නේ එලෙස තිබෙන භාණ්ඩයි. මෙම තත්ත්වය මත අපට ප්‍රායෝගික තත්ත්වය ගැන අවබෝධයෙන් කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒ වරද පාරිභෝගික සේවා අධිකාරිය මතම පටවන්න බැහැ.

සීනි ගැන පැවසුවොත් සීනි ඉන්දියාවෙන් ගෙනෙන විට ගෙවිය යුතු මිල මෙන්ම ආනයනයේදී සිදුවන වියදම්ද සලකා බලා ලාභයක්ද තබාගෙන මිල නියම කළ යුතු වෙනවා. අපි සෑම සතියකටම දෙවරක් අපේ නිලධාරීන් ලවා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ගෙන්වා ගන්නවා. එහිදී යම් අසාධාරණ ලෙස වැඩි මිලට අලෙවි කිරීමක් කරනවාදැයි සොයා බලනවා.

ආණ්ඩුව මිල පාලනය මේ වනවිට සම්පූර්ණයෙන් අතහැරලා. මිල පාලනය කළ යුත්තේ මොනවද නොකළ යුත්තේ මොනවද කියල ඉහළ තැන්වල සිටින නිලධාරීන්ට කිසිම දැනුමක් නැහැ. මිල තීරණය කිරීම වෙළෙන්ඳාට බාරදීලා තියෙනවා. අද ආපනශාලා නැත්තටම නැතිවෙලා. ඒවා වහලා දමලා. සේවකයන් මහ මගට වැටිලා.”

යසවර්ධන රුද්රිගූ

deshaya

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….