suwasariya

1990 සුවසැරිය ලෝක බැංකුවේ විශිෂ්ට ඇගයීමට ලක්ව තිබෙනවා. ලෝකයේ තිබෙන නොමිලේ සේවාව ලබාදෙන ඩිජිටල් තාක්ෂණයෙන් වඩාත් සන්නද්ධ, වේගවත්ම ගිලන්රථ සේවාවක් ලෙසයි ඔවුන් සුවසැරිය හඳුන්වාදී තිබෙන්නේ. ලංකාව ගැන සෘණාත්මක කතා ලෝකය පුරා ප්‍රචාරය වන වකවානුවක මෙවැනි බුහුමනක් ලංකාවට ලැබීම පිළිබඳව මාහට සතුටක් ගෙන දෙනවා.
එයට හේතුව මෙම සේවාව ආරම්භ කිරීමට අපි කළ කැපවීම පිළිබඳව මෙනෙහි කරන විටයි. මෙම සේවාව ගෝලීය තත්ත්වයේ ගෞරවාදරයට ලක්වන සේවාවක් බවට පත්කිරීමට නිරන්තරයෙන් කැපවන සුවසැරිය කාර්ය මණ්ඩලයටත්, එහි ප්‍රධාන විධායක නිළධාරී සොහාන් ද සිල්වා මහතාටත්, ස්වේච්ඡාවෙන් සිය සේවාව ලබාදෙමින් මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට නායකත්වය ලබාදෙන දුමින්ද්‍ර රත්නායක මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයටත් මා ස්තූතිය පුද කරනවා.
ලෝක බැංකුවේ දකුණු ආසියානු කළාපයේ උප සභාපති මාර්ටින් රෙයිසර් මහතා විසින් 1990 සුවසැරිය ඇගයීමට ලක් කරමින් පලකළ ලිපිය මෙන්න: http://wrld.bg/Mzv150QVmfe

Similar Posts