NVQ ලෙස හඳුන්වන්නේ ජාතික වෘත්තීය සුදුසුකම් රාමුවයි (National Vocational Qualification Framework). අ
NVQ 1, 2, 3, 4 දක්වා මට්ටම් සහතික පත්‍ර වේ.
NVQ 5 ඩිප්ලෝමා මට්ටමයි.
NVQ 6 උසස් ඩිප්ලෝමා මට්ටමයි. වෘත්තීය පුහුණු අධිකාරියේ K tech වැනි ජාතික වෘත්තීය පුහුණු ආයතනවල NVQ 6 මට්ටම දක්වා ඉගැන්වීම් කටයුතු සිදු කරයි.
NVQ 7 උපාධි මට්ටම වේ.
NVQ 5, NVQ 6 ලබා ගත් සිසුවෙකුට යම් ලෙසකින් උපාධිය දක්වා යාමට අවශ්‍ය යැයි හැඟේ නම්, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයට සම්බන්ධ වී මීළඟ අදියර සඳහා අවුරුදු තුනක පාඨමාලා සම්පූර්ණ කිරීමෙන් NVQ 7 මට්ටමේ උපාධිය (Bachelor of Technology) ලබා ගත හැකිය. මෙය වෘත්තීය සුදුසුකම් සහිත උපාධියකි.
NVQ 7 උපාධිය ලබා ගත් සිසුවෙකුට සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමය යටතේ විශ්වවිද්‍යාලයකට සම්බන්ධ වී ඉදිරි අධ්‍යයන කටයුතු සිදු කරන ආකාරයටම ශාස්ත්‍රපති, ආචාර්ය උපාධි දක්වා අධ්‍යයන කටයුතු සිදු කිරීමේ අවස්ථාව තිබේ.
පාඨමාලාවන් අනුව පාඨමාලා කාලය වෙනස් වන අතර, ආයතනික පුහුණුව ලබන කාලය හා 4 මට්ටම මාස 6 සිට අවුරුදු එකහමාර දක්වා විය හැකි අතර NVQ 3 හා 4 පාඨමාලා සඳහා අනිවාර්ය කර්මාන්තගත පුහුණුවක් ලැබිය යුතුය.