මේ වන විට වෙළඳපොළේ තිබෙන උග්ර ලුණු හිඟයට හා අධික මිලට හේතුව රජයට අයත් රාජ්ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව විසින් ආනයනය කරල ලද කැට ලුණු තොග පෞද්ගලික සමාගමකට අලෙවි කිරීම හා ඉන්පසු එම සමාගම විසින් කුඩු කරන ලද ලුණු ඉහළ මිලකට අලෙවි කිරීම බව කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී (සජබ) මුජිබර් රහුමාන් පවසයි.
“ආනයනය කරන්නට අවසර දුන්නේ කැට ලුණු විතරයි. ආණ්ඩුව ලුණු කිලෝ එකකට රු. 40ක බද්දක් පනවා තිබෙනවා. ලංකාවට ලුණු කිලෝවක් ආනයනය කරනකොට මිළ රු. 24යි. වටිනාකම් එකතු කරලා රු. 100ක සිල්ලර මිලට විකුණන්න පුළුවන්. ඒත්, සමාගම් දැන් ලුණු විකුණන්නෙ රු. 300කට වැඩි මිලකට,” යි ද මන්ත්රීවරයා 2025 මැයි 21දා පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.
නව රජය විසින් පුත්තලම ලුණු සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයට පත්කරන ලද ආචාර්ය රවී ලියනගේ ඉසි ලුණු නිෂ්පාදනය කරන රයිගම් සමාගමේ සභාපති බව පෙන්වා දෙන මන්ත්රීවරයා රජය විසින් ආනයනය කරන ලද ලුණු රජයේ සමාගමේ අධ්යක්ෂවරයා විසින් මිලදීගෙන සිය පෞද්ගලික සමාගම හරහා අධික මිලකට අලෙවි කරන බව පෙන්වා දුන්නේය.