රට කරවන ඇත්තෝ අපේ ගොවිතැන තනිකරා

කන්තලේ සේරුවිල ඇතුළු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවිතැන් බතින් ජීවත් වන හා රටට බත සපයන ගොවීන්ගේ යළ කන්නයේ වී වගාව සඳහා දැනට තම කුඹුරු වල සියළු වැඩ කටයුතු අවසන් කර ඇතත් පොහොර සහනාධාර හෝ වෙනත් විකල්පයක් ගැන හෝ රජය වගේ වගක් නැතිව සිටීම ගැන ගොවීහු තම දැඩි කනස්සල්ල හා අප්‍රසාදය පලකර සිටිති.

මේ සම්බන්ධව අදහස් දැක්වූ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ගොවිසංවිධාන සභාපති ඉන්දික පරණවිතාන මහතා මෙසේ කීවේ ය.
” මේ රජය වැඩකරන්න පුරුදු වෙලාම තියෙන්නේ අශ්වයා පැනලා ගියාට පස්සෙ ඉස්තාලෙ දොර වහන්න.පසුගිය මාස් කන්නයේ ගොවියෝ ගොයම් කපන බව රජය දන්නවා. නමුත් වී මිළදී ගැනීමට කිසිම සැළැස්මක් තිබුණේ නෑ.ගොවීන් හූල්ල හූල්ලා ණය තුරුස් ටික ගෙවාගන්න උවමනා නිසාම වීමෝල් හිමියන්ට කමතේදීම වී ටික අසාධාරණ මිළ ගනන් වලට විකුණ දමනකන් බලධාරින් නිදාගෙන වගේ හිටියා. ඊලඟට නින්දෙන් ඇහැරුණා වගේ යල කන්න වැඩකරන්න සති දෙකක් තුනක් තියලා ඕං කියනවා ප්‍රාදේශීය ලෙකම් කාර්යාල වලට වී කිරන්න අවස්තාව දුන්නා කියලා.ඒ වෙනකොට කොහෙද ගෙවල්වල වී. සමහරුන්ට මාස දෙක තුනකට කන්න තමයි ගෙදර වී ඇටයක් ඉතුරු වුණේ. කොහොම වුණත් ඒ පොරොන්දුව ඉටු කළෙත් නෑ පුස්සක්.
රජයේ බලධාරින් ඉන්නේ අත්තන ඇට කාලා. කියන් දේ කරන්නෙ නෑ.කරන දේ කියන්නෙ නැ. අපිට මොනවටද මෙහෙම රජයක්. සමහර දෙමව්පියෝ කන්න බොන්න දිදී කාලකන්ණි දරුවො හදනවා වගේ වැඩක් තමයි අපි කරගෙන තියෙන්නේ. ජන්දෙකුත් දීලා කිරිබතුත් කාලා පින්ගුත්තරයො පෝෂාණය කරන්න සිදුවෙලා තියෙනවා දුක් විඳගෙන.

තඹලගමුව කින්නියා,මොල්ලිපතාන ඇතුළු ගොවි සංවිධාන 13 ක ගොවි සභාපති වරයෙකු ලෙස කටයුතු කරන කේ.එම්.එම්.සුබෙයිර් මහතා ගොවි ගැටළුව මෙසේ විස්තර කලේ ය.
” දැන් අපේ කුඹුරු යායම සීසෑම කරලා අවසන් වෙලා බලන් ඉන්නවා පොහොර ටික දෙනකල් . නමුත් රජය පොහොර සම්බන්ධයෙන් කට හොල්ලන්නෙ නෑ. සමාගම් වලට පොහොර ගෙන්වන්න දීලා..ඒ අය විකුණන ගනන් වලට පොහොර ගහලා අපිට මේ වීටික දෙන්න වෙන්නෙ සුරලෝකෙ සක්කර දෙයියොන්ට. මනුස්ස ලෝකෙනම් මිළ ගනන් කියන්න වෙන්නෙ නෑ. මේ බලධාරින්ට ගොවියා ගැන කිසිම අනුකම්පාවක් නෑ. අනුකම්පා කරන්නේ මහ මෝල් කාරයින්ටයි කොම්පෙණි කාරයන්ටයි. අපි මොනවටද එයාලට. අපි ගොවිතැනින් අයින් වුණොත් අපේ ඉඩම් ටික කොම්පෙණි වලටම විකුණලා දාන්න පනත් හදා ගනී. ගොවියෝ එසේද පවසති.

සුළු ව්‍යාපාර ගොවීන් මේ වෙනකොට වපුරලා දවස් 30 ක් වෙනවා.දවස් 45 ඇතුලත යූරියා,කැට පොහොර,රතු කුඩු සියල්ලම ගහලා ඉවර වෙන්න ඕන .කොම්පෙණි කරයින්ට පොහිර ගෙනෙන්න අවසර දීලා. වී ටික කිරාගන්න මහ් මෝල් හිමියන්ට ඉඩ ඇරලා. රජය ඒ අය තමා පොහොසත් කරන්නේ. බලධාරිනට අපෙන් වැඩක් නෑ. එයාල පොහොසත්.අපි අන්ත හිඟන්නෝ. ඒ කන්නයේ ලාබයක් වත් ගන්න පුළුවන් වුණා නම් අපිට කොම්පෙණි කාරයන් ගෙන් පොහොර ගන්න තිබුණා.

දැන් ලඟ ලඟ ජන්දයක් එනවා.අවසාන වශයෙන් අපට රජයට කියන්න තියෙන්නේ මේ අන්තිම මොහොතේ වත් දිවයිනේ ලක්ෂ සංඛ්‍යාත ගොවි ජනතාවගේ බත් පතත් සමඟ බෝල නොගහා ජන්ද කාලයේදී දුන් දහසක් පොරොන්දු ඉටු කොට ඔවුන්ගේ දුක් ගින්දර නිවීමට කටයුතු කරන ලෙසට යි.”
වෙන්ඩ්‍රාසන්පුර කුඹුරුයායේ වසර 50 ක පමණ කාලයක සිට ගොවිතැණින් ජීවත්වන පුංචිමැණිකා ගොවි මහත්මිය.” මගේ මහත්තයා නැතිවෙලා දැන් අවුරුදු 15 ක් විතර වෙනවා. එදා ඉඳලාම මගේ ආබාධිත පුතාත් මමත් තමයි කුඹුර වැඩ කරන්නේ. ඒකාලෙ ගොයම් කැපුවාම වී විකුණලා ගමේ කට්ටිය ඔක්කොම එකතුවෙලා බස් 5 ක් විතර යනවා වන්දනාවේ. හරිම සතුටුයි. ඒ ගියා කියලා අපිට කිසිම අහේනියක් වෙන්නෙ නෑ. ඒකට දැන්. විනෝද වෙනවා තියා ලඟ ඉන්න එකා පේන්න බෑ. තියෙන සල්ලි ප්‍රශ්ණත් එක්ක. ඔක්කොම ප්‍රශ්ණ මේ බලධාරින් මවන එව්වා. ගබඩා ටික පාළුවට ගිහිල්ලා. ඒවා ඇරලා සාධාරණ මිළකට ගොවියා ගෙන් වී ගන්න බැරි මොකද. ඉස්සර අපි ගබඩාවට ගියාම වී ටික කිරාගෙන හවස් වෙලා ගෙදර එන්නෙ. ඒ තරමට වී දෙන්න පෝලිම. මාස් කන්නෙ වී දීල කෙල්ලො කොල්ලො රෙදි ගන්ට යන්නෙ කුරුණෑගල මහනුවර වගේ නගර වලට.ඒ තරමට අත මිට සරුයි.

අනේ අපිට දැන් මොකද මේ වෙලා තියෙන හූණියම . අපි ඉන්නකන් කොල්ලො කෙල්ලො කුඹුරට යයි. ඉන්පස්සෙ නම් රටට බත සපයන ගොවියා කියන්න නම් බැරිවෙයි. මේ වෙනකොටත් ගොවි පවුල් වල දරුවෝ බොහෝ දෙනෙක් රටගිහිල්ලා බැලමෙහෙවර කරනවා. දැන් කියන්න වෙන්නේ රටට ඩොලර් ගෙනෙන රටවිරු ගොවියෝ කියලා තමයි . ඒ තරමටම රට කරවන ඇත්තෝ අපේ ගොවිතැන තනිකරා.

 

 

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….