pd

බඩ ගැන හිතපු අයටත්, රට ගැන හිතපු අයටත් දෙගොල්ලන්ටම කන්න නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා එ.ජා.ප සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේදී පැවසීය.

අතීතයේ ධනපති පන්තිය හා නිර්ධන පන්තිය ලෙස පන්ති දෙකක් පැවැති අතර කුමන ආර්ථික අර්බුදය හමුවේ වුවද ධනපති පන්තියට ගැටළුවක් නොවූ බව කී නියෝජ්‍ය නායකවරයා වත්මන් ආණ්ඩුව යටතේ ධනපති පන්තිය අතේ මුදල් තිබුණත් කන්න නැති තත්ත්වයට පැමිණ ඇතැයි ද පෙන්වා දුන්නේය.

පවතින ආර්ථික අර්බුදය ජයගත හැකි හොදම විකල්පය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට රට බාරදීම යැයි ද ඔහු කීවේය.

එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ බව සදහන් කළේය. කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් මෙම සාමාජික ප්‍රවර්ධන වැඩසටහන පැවැත්වූ අතර නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෝදර අලුත්මාවත, ග්‍රෑන්ඩ්පාඩ් මහවත්ත, බ්ලුමැන්ඩල් කොටහේන, පිළියන්දල, මොරටුව රාවතාවත්ත හා සොයිසාපුර පැවැති ප්‍රවර්ධන වැඩසටහන්වලට එක්ව සිටියේය.

Similar Posts