රට ගොඩනැගිය හැකි එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහයි

පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා හැකියාව ඇති එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බැවින් ඉදිරි ජනපතිවරණයේ දී තම සහය ඒ මහතා ට ලබාදෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

පක්ෂයක් ලෙස ගන්නා තීරණය දෙවැනි තැනට දමා රට ගැන හිතා තමන් ඉදිරි ජනපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමට කටයුතු කරන බව ද ඒ මහතා කීය.

ජනතා විමුක්ති පෙරමුණ ඔවුන් අවසන් වරට ඉදිරිපත් වූ ජනපතිවරණයේ දී ලබා ගත්තේ ඡන්ද ලක්ෂ 05 ක් බවත් එම ඡන්ද පදනම 100 % කින් වැඩිකර ගතහොත් ඔවුන්ට හිමි වන්නේ ඡන්ද ලක්ෂ 10 ක් බවත් කී ඒ මහතා ලක්ෂ 50 ක ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට නම් ඔවුන් 1000 % කින් ඡන්ද ප්‍රමාණය වැඩිකර ගත යුතු බව ද අවධාරණය කළේය.
ඉතිහාසයේ කිසිදු පක්ෂයක් ඒ ආකාරයෙන් 1000 % කින් ඡන්ද පදනම වැඩි කරගෙන නොමැති බවත් අවසන් වරට පැවැති ජනපතිවරණයේ දී පරාජය වූ සජිත් ප්‍රේමදාස මහතා ද ඡන්ද ලක්ෂ 56 ක් ලබාගත් බව අප අමතක නොකළ යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගෙන් පසු බලයට පැමිණි සෑම ජනපතිවරයෙක්ම ජනපතිවරණයට ඉදිරිපත් වූයේ සන්ධානයකින් බවත් සන්ධාන ගත නොවී තනි පක්ෂයකින් ඉදිරිපත් වන කිසිවෙකුටත් ජනපතිවරණය ජයගත නොහැකි බවත් ඇමැතිවරයා පැවසුවේය.

රට ආර්ථික වශයෙන් දැඩි අර්බුදයකට ලක්ව තිබිය දී පෙරට පැමිණ රට ගොඩ ගැනීමේ අභියෝගයට මුහුණ දීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවූ අවස්ථාවක පාර්ලිමේන්තුවේ තනි ආසනයක් පමණක් තිබිය දී රනිල් වික්‍රමසිංහ මහතා අභියෝගය බාර ගනිමින් මේ වනවිට විශාල සාර්ථකත්වයක් පෙන්වා තිබෙන බවත් ඒ මහතා කීය. පසුගිය වසරේ දී සංවර්ධනයට මුදල් වෙන් කිරීමට හැකියාවක් නොතිබූ නමුත් මේ වසරේ දී විශාල ලෙස මුදල් වෙන් කරමින් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ද ඇමැතිවරයා පැවසුවේය.

මැතිවරණ කල් දැමීමේ වුවමනාවක් ආණ්ඩුවට නොමැති බවත් නියමිත පරිදි මේ වසරේ දී ජනපතිවරණයත් ලබන වසරේ දී පාර්ලිමේන්තු මැතිවරණයත් පවත්වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් මගින් ප්‍රකාශ කර තිබෙන බවත් කී ඒ මහතා ජනපති ක්‍රමය අහෝසි කරන්නේ නම් වත්මන් ව්‍යවස්ථාවද වෙනස් විය යුතුව ඇතැයි අවධාරණය කළේය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….