රට තුළ දූෂණ විරෝධී වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මුලපුරයි

මෙම වසරේ ආර්ථික වර්ධනය සියයට 3%ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ණය තිරසාරභාවය තහවුරු කරගැනීමෙන් තොරව රටේ ආර්ථිකය දිගු කාලීන පදනමින් ඉදිරියට ගෙන යා නොහැකි බව ද පැවසු ජනාධිපතිවරයා මේ වනවිට රට තුළ දූෂණ විරෝධී වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මුල පුරා ඇතැයි ද පැවසීය.

මේ වනවිට අමාත්‍ය මණ්ඩලය විසින් දූෂණ විරෝධී කෙටුම්පත අනුමත කර ඇති බවත් ඒ අනුව අපරාධ ඔප්පු කිරීම අවශ්‍ය නොවන බවත් අපරාධය සිදුවූ බවට වූ අධිකරණ තීන්දුවක් මත එම මුදල් ලබාගත හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

අද (09) උදෑසන හදිසියේ පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා එහිදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව කියා සිටියේය.

ආර්ථික වර්ධනය පිළිබඳව විවිධ දේශීය සහ විදේශීය ,මුල්‍ය ආයතන ද ඒ හා සමාන පුරෝකථන ඉදිරිපත්කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මේ වන විට රටේ උද්ධමනය 1.5%ක අගයකට පහළ වැටී ඇති අතර වසර ගණනක් තිස්සේ හිඟයක් ලෙස පැවති ප්‍රාථමික ගිණුමේ ශේෂය, 2023 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 0.6ක අතිරික්තයක් ලෙස පරිවර්තනය කිරීමට හැකිවී තිබෙන බවත්, දශක ගණනාවකට පසුව ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් 2023 වසරේ ඇතිව තිබෙන අතර, පොළී අනුපාතය 10%-13% මට්ටමට පහළ වැටී ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

වසරේ පළමු මාස තුන වන විට විනිමය අනුපාතය ඇමෙරිකානු ඩොලරය රු. 300 වඩා අඩු මට්ටමකට ගෙන ඒමට හැකිවී තිබෙන අතර විදේශ විනිමය සංචිත ඩොලර් බිලියන 5 ඉක්මවන අගයකට ඉහළ නැංවී ඇති බව පෙන්වාදුන් ජනාධිපතිවරයා මේ තත්ත්වය ළඟාකර ගැනීමට හැකිවූයේ අභියෝගාත්මක, දුෂ්කර එහෙත් නිවැරදි මගක ගමන් කළ නිසා බව සඳහන් කළේය.

“අපායට වැටුණු රට ගොඩගන්න පුළුවන්” යන විශ්වාසය තමාට තිබූ නිසාවෙන් රට භාරගත් බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

ණය ප්‍රතිකරණ වැඩපිළිවෙල මුලික අංශ තුනක් හරහා සිදුකළ බව පැවසු ජනාධිපතිවරයා පළමුවෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට යොමු වීම බව ද කියා සිටියේය.

එම කාර්ය 2023 වසරේ දී අවසන් කළ බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

දෙවැන්න වුයේ විදේස් රටවල් සමග ඇති කරගත් ගිවිසුම් මඟින් නිල වශයෙන් ලබාගන්නා ලද ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම බව පැවසු ජනාධිපතිවරයා එම රටවල් සමග සාකච්ඡා කර මේ පිළිබඳ ප්‍රතිපත්තිමය එකඟත්වයකට 2023 නොවැම්බර් මාසය වනවිට පැමිණි බවත් ඒ සඳහා පැරිස් සමාජය මෙන්ම එයට අයිති නැති චීනය වැනි රටවල් සමග ද එකඟත්වයට පැමිණ ඇතැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පිළිබඳව දැනට සිදුකළ යුතුව ඇත්තේ ණයහිමි රටවල් සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පමණක් බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ඒ සඳහා වූ කෙටුම්පත් පිළිබඳ ශ්‍රී ලංකා රජය නිල ණයහිමියන්ගේ කමිටුව සමග සාකච්ඡා කරමින් සිටින බව ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එමෙන්ම වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය තෙවන අංශය බවත් ජනාධිපතියා කියා සිටියේය.

මේ වසර මැද වනවිට දී සියලු සාකච්ඡා අවසන් කිරීම තම අපේක්ෂාව බව ද පැවසු ජනාධිපතිවරයා, ණය ප්‍රතිව්‍යුහගතකරණයේ අවසන් අරමුණ වන්නේ, 2032 වන විට සමස්ත ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයෙන් 95%ක් දක්වා අඩු කරගැනීම බව ද පැවසීය.

මෙම ඉලක්කවලට යෑමට කටයුතු කළ යුතු බව පැවසු ජනාධිපතිවරයා එම ඉලක්ක වෙත යෑම වර්තමානයේ ඇති අභියෝගය බව ද සඳහන් කළේය.

 

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….