‘රතු තොප්පි’ ධනපතියෝ – සුනිල් ගාමිණී

පුද්ගලික දේපළ ක්රමය තුරන් කිරීම මගින් සමානාත්මතා සමාජයක් ගොඩ නැගිය හැක යන දෘෂ්ටිවාදය, කොමියුනිස්ට්වාදය යැයි සරළව හැඳින් විය හැක.
කොමියුනිස්ට්වාදයේ විශ්වාසයන් වඩාත් ප්රසිද්ධියේ ප්රකාශ වන්නේ කාල් මාක්ස් ගෙනි.
කොමියුනිස්ට්වාදය මත ක්රියා කරමින් සාර්ථක කොමියුනිස්ට් විප්ලවයක් සිදු කර රාජ්ය බලයක් පිහිට වූ ලොව පළමු පුද්ගලයා වූයේ රුසියාවේ වැලැඩ්මීර් ලෙනින් ය.
චීනය තුළ කොමියුනිස්ට්වාදී විප්ලවයේ නායකයා වූයේ මාඕ සේතූං ය. මාඕ ගේ විප්ලවයේ ජයග්රහණය ප්රකාශයට පත් වූයේ 1949 ඔක්තෝම්බර් 01 වැනිදා ය.
ලෙනින් රුසියාව තුළ සෝවියට් සංගමය පිහිටෙව්වා සේම, මාඕ සේතූං චීනය තුළ පිහිටවූයේ චීන සමූහ ආණ්ඩුවය.
සෝවියට් සංගමය තුළ ලෙනින් විසින් පිහිටුවන ලද පාලන තන්ත්රයට සමාන පාලනයක් මාඕ සේතූං ද ගොඩ නැඟීය. සියලු දේශපාලන බලය සංකේන්ද්රණය කළේ චීන කොමියුනිස්ට් පක්ෂය ඇතුළත ය.
චීනයේ ව්යවස්ථාදායකය වන ජාතික මහජන සම්මේලනයේ ආසන සඳහා අපේක්ෂකයන් ලෙස නම් කරනු ලබන පුද්ගලයන් කවුරුන්ද යන්න තීරණය කරනු ලැබුවේ පක්ෂය විසින් ය. අපේක්ෂකයන් ලෙස නිළධාරීන් ද තෝරා ගනු ලැබිණ.
කම්කරුවන්, ගොවීන් සහ කුඩා ව්යාපාරිකයන් ගේ නාමයෙන් “ප්රජාතන්ත්රවාදී ආඥාදායකත්වයක්” ලෙස මාඕ තම පාලනය ගෙන ගියේය.
බොහෝ චීන ජාතිකයන් ගොවීන් වූවා සේම , ඔවුන් ධනවත් ඉඩම් හිමියන් ලඟ වැඩ කළ දුප්පතුන් විය. මාඕ ඉඩම් ජනසතු කළ අතර, ඊට එරෙහි වූ ඉඩම් හිමියන් දහස් ගණනක් ඝාතනය කළේය.
1950 දශකයේ ඇති කළ සාමුහික ගොවිපළවල් තුළ වැඩ කළ ගොවීන්ට සිදුවූයේ තමන් වෙනුවෙන් වැඩ කිරීමට වඩා සාමූහිකය වෙනුවෙන් වෙහෙසීමටය. මේ නිසා ගොවීන් තුළ එතරම් උනන්දුවක් නොවීය. මේ ක්රමය යටතේ ගොවිපල නිෂ්පාදන පහත වැටිණ.
නගර වල පිහිටි කර්මාන්තශාලා සහ වෙනත් ව්යාපාර ද රාජ්ය අයිතියට පත්විය. නිෂ්පාදන ඉලක්ක , වැටුප් සහ නිෂ්පාදන භාණ්ඩ වල මිළ නියම කරනු ලැබුවේ රජය විසින් ය.
රජය කම්කරුවාට රැකියාවක් ලබා දෙන අතර, සෞඛ්ය සේවා ප්රතිලාභ ද ලබා දුන්නේ ය. චීන කම්කරුවන් මෙම ක්රමය හැඳින්වූයේ “යකඩ සහල් බඳුන” ලෙසය.
කම්කරුවෝ ද ගොවියන් මෙන්ම රැකියා ක්රමය සම්බන්ධයෙන් එතරම් උනන්දුවක් නොදැක්වීය. එහි ප්රතිඵලය වූයේ ද කාර්මික නිෂ්පාදනය පහත වැටීමය.
1950 අග භාගය වන විට චීනයේ ග්රාමීය ප්රදේශවල පැවැති නිදහස් වෙළඳ පොලවල් ද තහනම් කරන ලද අතර, පුද්ගලික ව්යවසායන් ඉතිරිව පැවතියේ ස්වල්පයක් පමණය.
පූර්ණ මාක්ස්වාදී ක්රමයක් කරා ආර්ථිකයේ ප්රගතිය පිළිබඳව සෑහීමකට පත් නොවූ මාඕ , “මහා ඉදිරි පිම්ම” නමින් වූ ප්රවේශයකට ප්රවිෂ්ට විය.
මේ යටතේ “කොමියුනිස්ට්” නමින් හැඳින් වූ විශාල සාමූහික ගොවිපොලවල් ඇති කළේය. නගරවල සිටි තරුණයන්ව රජය විසින් මෙම ගොවිපලවල් වෙත යැවීය.
කොමියුනිස්ට්වාදීන් ගොවිපලවල් පමණක් නොව කර්මාන්තශාලා, වෙළඳ ජාල, බැංකු, පාසල් සහ සිවිල් ජනයාගෙන් සමන්විත හමුදාවන් පවා ක්රියාත්මක කළහ. කෙසේ නමුත් බෝග හා කාර්මික නිෂ්පාදන පහත වැටුණු අතර, සාගතයක් හේතුවෙන් මිලියන ගණනක් මිය ගියේ ය.
වසර දෙකකට පසුව මාඕ සේතූං කියා සිටියේ , බොහෝ දෙනෙකු කොමියුනිස්ට් විප්ලවය පාවා දෙමින් චීනය ධනවාදයේ මාවතට ඇද දමමින් සිටින බවය.
මේ අනුව මාඕ චීනයේ සංස්කෘතික විප්ලවයක් දියත් කරනු ලැබුවේය. පරමාදර්ශී කොමියුනිස්ට් සමාජය නිර්මාණය කිරීමට සහාය නොදෙන ඕනෑම කෙනෙකුට ප්රහාර එල්ල කිරීම මෙහි අරමුණ විය.
කොමියුනිස්ට් විප්ලවයේ පාරිශුද්ධ භාවය බලාත්මක කිරීම සඳහා මාඕ විසින් රතු ආරක්ෂකයින් ලෙස හැඳින් වෙන මිලියන සංඛ්යාත තරුණ තරුණියන් සමාජයට මුදා හැරියේ ය.
මෙම තරුණ තරුණියන් මාඕ ගේ කියමන් ඇතුලත් කුඩා රතු පොත් පිංචක් ද අතැතිව “ධනවාදී නැඹුරුවක්” ඇති බවට සැක සිතූ සියලු දෙනාවම ප්රසිද්ධියේ හෙළා දුටහ.
මාඕ 1976 දී මිය ගිය අතර, සංස්කෘතික විප්ලවය අවසන් විය. චීනය යළිත් ආර්ථික අර්බුදයකට ඇද වැටිණ. බොහෝ චීන ජාතිකයන්ට කොමියුනිස්ට් පක්ෂය කෙරෙහි තිබූ විශ්වාසය නැති විය.
මාඕ ගේ මරණයත් සමඟ චීන කොමියුනිස්ට් පක්ෂය තුළ බල අරගලයක් පැන නැගිණ. ප්රතිසංස්කරණවාදීන්ට අවශ්ය වූයේ පක්ෂය වෙනස් කිරීමටය. දැඩි මත ධාරීන් උත්සාහ කළේ මාඕ ගේ මාවත වූ කොමියුනිස්ට්වාදය දිගේ ඉදිරියට යෑමටය.
මාඕ මිය යෑමට පෙර පවා ඇතැම් ප්රදේශවල ගොවීන්, සමුහික ගොවිතැන අත්හැර ග්රාමීය නිදහස් වෙළඳ පොලවල අලෙවිය සඳහා තනිව ආහාර නිෂ්පාදනය කරමින් සිටියහ.
චීනය පුරා බොහෝ දෙනෙක් , බයිසිකල් අලුත්වැඩියා කරන්නන්, සපත්තු සාදන්නන් සහ වෙනත් පුද්ගලික ව්යවසායකයින් බවට පත්වී සිටියහ.
මුදල් හිමි පුද්ගලයන්, ව්යාපාරයක් ලෙස තම මුදල් යොදවමින් මෙම අංකුර ධනපතියන්ට ණය ලබා දුන්හ.
මේ කිසිදු ක්රියාකාරකමක් නීත්යානූකූල නොවීය. නමුත් රජයේ ප්රාදේශීය නිළධාරීන් විසින් නීති කඩකරන්නන්ව නොසලකා හැරියේ ය.
අල්ලස් ලබා ගැනීමටත්, ප්රාදේශීය හා රජයේ රෙගුලාසි මෙන්ම නීති නැමීමට හා කැඩීමටත් රජයේ නිළධාරීන් පෙළඹුණු අතර, පුද්ගලික ව්යාපාර ,රජයේ ව්යාපාර ලෙසට පෙනෙන පරිදි ලියාපදිංචි කිරීමට ද ඔවුන් ක්රියා කළහ.
මේ අනුව “රතු තොප්පියක්” පැළඳ ගත් ධනපතියන් බිහිවන්නට විය. බිම් මට්ටමේ පැවති මෙම ධනවාදයේ සාර්ථකත්වය, කොමියුනිස්ට් පක්ෂය කෙරෙහි විශ්වාසය යථා තත්ත්වයට පත් කිරීමට සමත් විය.
ආර්ථික වර්ධනය උත්තේජනය කිරීම සඳහා ධනවාදී ක්රමවේදයක් අනුගමනය කිරීමට උනන්දුවක් දක්වන ප්රතිසංස්කරණ මනසක් ඇති නායකයන් පොළඹවා ගැනීමටත් “රතු තොප්පි” ධනපතියන්ට අවශ්ය විය.
මෙවැනි වූ ආර්ථික ප්රතිසංස්කරණයකට නායකත්වය දීමට ඉදිරිපත් වූයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකයෙකු වූ ඩෙන් ෂියාඕපිං ය. 1978 දී ඩෙන් ෂියාඕපිං කොමියුනිස්ට්වාදීන් බිඳ දැමූ අතර, ගොවි බිම් බදු දීමට පවුල් වලට අවසර ලබා දුන්නේ ය.
නිශ්චිත ප්රමාණයක් ස්ථාවර මිළකට රජයට විකිණීමෙන් පසුව, ඉතිරි සියල්ල ඕනෑම මිළකට නිදහස් වෙළඳ පොලේ විකුණා ගැනීමට ඩෙන් ෂියාඕපිං, ගොවි පවුල් වලට අවසර දුන්නේය.
මෙම ප්රතිසංස්කරණ යටතේ පුද්ගලයන්, හවුල්කරුවන් සහ කොටස් හිමියන් සතු පුද්ගලික ව්යවසායන් නීතිගත කෙරුණු අතර, කොටස් වෙළඳපලවල් විවෘත විය.
රජය විසින් මිළ සහ වැටුප් නියම කිරීමේ ක්රමවේදය වෙනස් වූ අතර, එය නිදහස් වෙළඳපලේ පවතින ඉල්ලුම හා සැපයුම අනුව සිදුවන්නට ඉඩ හැරියේය.
මේ සියළු ප්රතිසංස්කරණ හේතුවෙන් 1980 දශකයේ මැද භාගය වන විට චීනයේ පෞද්ගලික ව්යාපාර පවත්වාගෙන යන කොමියුනිස්ට් පක්ෂ නිළධාරීන් ද බිහි විය.
ඒ අවධිය වන විට “රතු තොප්පි” ධනපතියන් මිලියන ගණනක් බිහි වී සිටියහ. චීන කොමියුනිස්ට්වාදය බිඳ දමා චීනය තුළ “රතු තොප්පි ධනපතියන්” බිහි කිරීමට පුරෝගාමී වූ ඩෙන් ෂියාඕපිං 1920 දී ප්රංශය තුළ රැඩිකල් මාක්ස්වාදියෙකු ලෙස ගත කළ ජීවිතයේ තොරතුරුත්, ඔහු හඳුන්වා දුන් චීන ආර්ථික ප්රතිසංස්කරණය අද ස්ථානගත වී ඇති ආස්ථානයත් කුමක් ද යන්න මතුවට විමසමු.
සුනිල් ගාමිණී

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….