රනිල් වික්‍රමසිංහ මහතාට සියයට අසුවක ඡන්ද ප්‍රමාණයක් – කළ්‍යාණි සතර සිංහ

මෙවර පැවැත්වෙන ජනාධිපති මැත්වරණයේදි ස්වාධිණ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් සියයට අසුවක ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා බව ආගරපතන එක්සත් ජාතික පක්ෂ කලාප සංවිධායක කළ්‍යාණි සතර සිංහ මහත්මිය පවසයි.

ආගරපතන කාර්යාලයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසු කළ්‍යාණි සතරසිංහ මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.

අද විපක්ෂයේ ප්‍රධාන ධාරාවන් දෙකම අයි. එම්. එෆ්. ක්‍රියාදාමයන් වෙනස් කරන බව කියමින් දෙන්න බැරි පොරෝන්දු මල්ලක් දෙන බව පවසමින් මේ රටේ ජනතාව රවටමින් රට වටේ යනවා එත් මේ බුද්ධිමත් ජනතාව දන්නවා මේ රට නැවත සංවර්ධිත රටක් බවට පත් කල හැක්කේ රනිල් වික්‍රමසිංහ මහතාට බව.

මේ රටේ අර්බුදයක් හට ගත් අවස්ථාවේ අප රටට ණය ලබා දුන්න රටක් තමයි බංගලිදේශය එත් බලන්න අද බංගලිදේශයේ තත්වය අද බංගලිදේශයේ නිසි ලෙස ගෑස් නැහැ විදුලිය නැහැ ඉන්දන නැහැ එයට ප්‍රධාන හේතුව තමයි ඒ රටේ අරගල පටන් ගත් අවස්ථාවේ ඒ රට පාලනය කිරිම සදහා නිසි පාලකයෙක් නොසිටිම.

අපේ රටෙත් සිදු වෙන්න තිබුනේ මෙවන් දෙයක් එත් මේ රටේත් මේ රටේ ජනතාවගෙත් වාසනාවට දුර දක්නා නුවනක් සහිත බුද්ධිමත් පරිණත මෙන්ම ලෝකය පිලිගත්ත නායකයෙක් වන රනිල් වික්‍රමසිංහ මහතා මේ රට බාර ගෙන මේ රටේ ජනතාවට අවශ්‍ය සහන සලසා දෙමින් මේ රට නැවත සංවර්ධණ මාවතකට රැගෙන ගියා.

මෙයට අවුරුදු දෙකකට පමන පෙර මේ රටේ තෙල් පොලිම්වල ගෑස් පොලිම්වල හිටපු සමහර අය එම පොලිම්වල මැරිලා වැටුන අකාරය මේ රටේ ජනතාවට මතකයි  එම නිසා මේ රටේ බුද්ධිමත් ජනතාව නැවත මේ රට එවන් තත්වයකට පත් කරන්න කැමති නැහැ.

අද වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කිරිමට පියවර ගෙන තියෙනවා රාජ්‍ය සේවයේ වැටුප වැඩි කිරිමට පියවර ගෙන තියෙනවා මේ දෙවල් කලේ මේ රටේ පැවති අර්බුදකාරි තත්වයන් සමනය කරමින් මේ රට සංවර්ධනය කරන අතර තුරයි එවන් තත්වයන් මත මේ රටේ ජනතාව නැවත මේ රට අස්ථාවර කරන්න ඉඩ දෙන්න බැහැ.

එවන් තත්වයන් මත මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු කරයේ මෙන්ම ග්‍රාමිය හා නාගරික ප්‍රදේශවලත් විශාල පිරිසක් රනිල් වික්‍රසිංහ මහතාගේ ඡන්ද ලඛුණ වන ගෑස් සිලින්ඩරයට ඡන්දය දෙන්න පෙල ගැහිලා ඉන්නේ එම නිසා නුවරඑළිය දිස්ත්‍රික්යේ ඡන්ද ගනින විට සියයට අසුවක ඡන්ද ප්‍රමාණයක් රනිල් වික්‍රමසි‘හ මහතාට ලැබි තිබෙන බව විශ්වාසයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….