රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ ප්‍රධානතම ජාලයක් වන මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකම ස්ථාපිත කර ඇත. එම මධ්‍යස්ථානයන් අතරට යාපනය සහ මන්නාරම මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන ද පසුගිය දා එක් විය.

යාපනය දිස්ත්‍රික්කයේ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය පසුගිය (17) සෙනසුරාදා, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ යාපනය කාර්යාලයේ සම්බන්ධීකාරක ආර් කනගරාජ් සහ යාපනය දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන ජාලයේ සභාපති සුකීර්තරාජ් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත විය. මේ අවස්ථාවට Save a Life සංවිධානයේ සභාපති වන රාකුලන් මහතා ද එක් වූ අතර යාපනය දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරකවරා වශයෙන් ද ඔහු මෙතැන් සිට කටයුතු කරයි.

aithiya

Similar Posts