මෙවර සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් විශාලතම කිරිබත සකස් කීරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.

ලබන 14 වැනිදා වැලිකඩ බන්ධනාගාර මුලුතැන්ගෙහි එම කිරිබත පිළියෙල කිරීමට සැලසුම් කර ඇත.

එම සකස් කිරීමට බන්ධනාගාර රැඳවියන් හතළිස් දෙනෙකු පමණ එක් කර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් එක්ව හාල් කිලෝ 700ක කිරිබතක් සකස් කරනු ලැබේ.

ඒ වැලිකඩ බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාර රෝහල සහ වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ රදවා සිටින රැඳවියන් වෙනුවෙනි.

Similar Posts