mask

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තියේ පවතින ගම්පහ දිස්ත්‍රික්කයේ විදුලි ඉංජිනේරු බල ප්‍රදේශ තුල ලංවිම විදුලි සේවකයින්ට තවමත් නිසි පහසුකම් ලබා දී නැති බව ලංකා විදුලි පොදු සේවක සංගමය කියා සිටියි.

යම් හෙයකින් ලංවිම සේවකයන්ට ආසාදනය වී හෝ ඔවුන්ව නිරෝධානය යොමු කිරීමට සිදුවුවහොත් විදුලිය පවත්වාගෙන යාම බරපතළ ගැටලුවකට මුහුණ දෙනු ඇති බවත් ගම්පහ දිස්ත්‍රික්කයේ සේවය කරන ලංවිම සේවකයන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරන ලෙස කළත් මීට පෙර ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (බ.ප.උ) ධම්මික තන්තිරිමලගේ මහතා  අමතා ඉලීමක් කර තිබුණි.

ඒහිදි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කර තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති ලංවිම වැඩබිම්වල සේවය කරන සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් කාර්යාල වසා දැමීමටත් පාරිභෝගික මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින්  විදුලි බිදවැටුම් ඒකක පමණක් පවත්වාගෙන යාමටත් තීරණය කළ බවය. ඒසේම බිඳවැටුම් රාජකාරිවල නිරත වන සේවකයන් සඳහා ආරක්ෂිත ඇඳුම් හා ආහාරපාන ලබා දීමට අදාළ ප්‍රදේශවල විදුලි ඉංජිනේරුවන් හා විදුලි අධිකාරි වරුන්ට උපදෙස් දී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

නමුත් මේ වනතුරුත් ඒම උපදෙස් ක්‍රියාත්මක වී නොමැති බව ලංකා විදුලි පොදු සේවක සංගමය කියා සිටියි. මේ වනවිට කොවිඩ්  ආසාදිතයින් 2000 ඉක්මවා ගොස් ඇති පසුබිමක ගම්පහ ලංවිම සේවකයින්ට ලබා දී ඇත්තේ මුඛ ආවරණ දෙකක් පමණක් බවද මාලක වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

අවම වශයෙන් පැය ගණනාවක් ඒක දිගට සේවය කරන සේවකයින්ට ආහාර පානවත් ලබා ගැනීමට තැනක් නොමැති බව අවධාරණය කර සිටින ඔහු පෙන්වා දෙන්නේ කොවිඩ් අවදානමක් නැති මාතර ප්‍රදේශයේ මේ වන විට ඒහි ලංවිම ඉහළ නිලධාරීන් විසින් සිය සේවකයින්ට සියලුම සෞඛාරක්ෂිත පහසුකම් ලබා දීමට පියවර ගෙන ඇති බවය.

ඔහු විමසා සිටින්නේ මෙය ප්‍රදේශය භාර නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයාගේ වරද ද ? විදුලි ඉංජිනේරුවන් ගේ වරද ද? ඉදිරි අධිකාරිවල ඔවුන්ගේ වරද? නැත්නම් සේවකයන්ගේ වරද ? ද යන්නය.

මේ අතර කොළඹ වරාය තුළ පිහිටා ඇති බත්තලම (බාජ්)  බලාගාරයේ සේවකයන්ට මේ වන විට බරපතළ කොවින්19 අවදානමක් මතු වී ඇති බවත් ඒහි සේවය කරන ලංවිම සේවකයන් වෙනුවෙන් අවශ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීමටත් ඔවුන් PCR පරීක්ෂණ වෙත යොමු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ලංකා විදුලි පොදු සේවක සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

ශානිකා

Similar Posts