dailyreporter

අමෙරිකා එක්සත් ජනපදයේ විද්‍යාභිවර්ධන සංගමය විසින් විද්‍යාත්මක නිදහස සහ වගකීම වෙනුවෙන් පිරිනමන සම්මානය එහි අධ්‍යක්ෂ තෙරේසා හැරිස් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චන්න ජයසුමන වෙත පිරිනමා ඇත.

අභියෝග හමුවේ කෘෂිකාර්මික ප්‍රජාවගේ වකුගඩු රෝගය පිළිබඳ සිදුකළ පර්යේෂණ හේතුවෙන් ලොව පුරා මිලියන ගණනක් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමට සිදුකළ දායකත්වය මත මෙම සම්මානය මහාචාර්ය චන්න ජයසුමනට පිරිනමා ඇත.

මෙම සම්මානය ලබාදීමට පළමු වරට ප්‍රකාශයට පත්කළ අවස්ථාවේදී කෘෂි රසායන සමාගම් ඇතුළු විවිධ පාර්ශව ඊට විරෝධය දක්වා ඇති අතර අනතුරුව සම්මානය ලබාදීම යළි සලකා බැලීමට විශේෂ ජූරි සභාවකට යොමු කිරීමෙන් පසු මෙම සම්මානය චන්න ජයසුමනට ලැබිය යුතු බවට තීරණය කර ඇත.

අමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමයේ වාර්ෂික සමුළුවේදී මෙම සම්මානය මහාචාර්ය ජයසුමන වෙත පිරිනමා ඇත.

Similar Posts