ලෝක හදවත් දිනය අදට (29) යෙදී තිබේ.

“හෘද රෝග පරාජය කිරීම සඳහා හදවත භාවිත කරන්න“ යන්න මෙවර ලෝක හදවත් දිනයේ තේමාව වේ.

“අපේ රටේ තුනෙන් එකක් මරණවලට හේතුව හෘද රෝග. ඊට අමතරව අපේ රටේ ජනතාවගෙන් තුනෙන් එකක් පමණ අධි රුධිර පීඩනයෙන් පෙළෙනවා.

නමුත් ඔවුන්ගෙන් පහෙන් එකක් පමණ තමන්ට අධි රුධිර පීඩනය තිබෙනවා කියලා දැනුවත් බවක් නැහැ.

ඒ නිසා ලෝක හදවත් දිනය සැමරීම සඳහා ජනතාවගේ රුධිර පීඩනය මැන බැලීමට ජනතාව එකතුවන තැන්වල දුම්රිය ස්ථාන, බස් නැවතුම්පොළවල්, රජයේ රෝහල් ආදී ස්ථානවල මෙම සතිය පුරාවටම අපි විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරලා තියෙනවා.

හදවත් රෝගවලට හේතු හතරක් තියෙනවා.

ඒ දුම්පානය, මත්පැන් භාවිතය, අයහපත් ආහාර රටාවන් සහ ශාරීරිකව ක්‍රියාශීලි නොවීම ප්‍රධාන හේතුවයි.“ යනුවෙන් වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලී මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

Similar Posts