වත්මන් ජනාධිපති නැවත වරක් මේ රටේ ජනාධිපති වෙයිද?

මේ වන විට විවිධ සමාජ මාධ්‍යවලින් බොහෝ දෙනෙක් ජනාධිපති වුනත් ඉදිරි ජනාධිපති මැතිවරණයේදි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් මේ රටේ ජනාධිපති බවට පත් විම ස්ථිර බව මස්කෙළිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කේ. කේ. පියදාස මහතා පවසයි.
ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු කේ. කේ. පියදාස එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
මේ රටේ කඩා වැටුන ආර්ථිකය යම් මට්ටමකින් නගා සිටුවලා මේ රටේ ජනතාවට යම් සහනයක් ලබා දිමට පියවර ගත්තේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.
එතුමාගේ මෙම වසර දෙකක කාලය තුලදි දුප්පත් ජනතාවට අස්වැසුම ලබා දිමටත් නොමිලේ සහල් ලබා දිමටත් ඉඩමක නිසි හිමිකමක් නොමැති අයට ඔප්පු ලබා දිමටත් පියවර ගත්තා.
මෙම තත්වයන් මත මේ රටේ අති බහුතර ජනතාව තුල දැඩි ප්‍රසාදයක් මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි ඇතිවි තිබෙනවා මේ රටේ අති බහුතර ජනතාව දැන් දන්නවා මේ රටට යමක් කල හැක්කේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බව.
එම තත්වයන් මත ඉදිරි ජනාධිපති වරනයේදි රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහානය වෙනුවෙන් මේ රටේ අති බහුතරයක් ඉදිරිපත් වනවා මොකද මේ රටේ අති බහුතර ජනතාවක් දන්නවා මේ රට සංවර්ධනය කිරිමට හැකියාව පවතින්නේ රනිල් වික්‍රමසිංහ මහතාට බව.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරිමෙන් අනතුරුව ජාතික ජන බලවේගයේ පිරිසක් මෙන්ම සමගි ජන බලවේගයේ පිරිසක්ද රනිල් වික්‍රමසිංහ මහතා සමග එක් විමට සිටිනවා මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ පිරිසක් මෙන්ම ජාතික ජන බලවේගයේ පිරිසක්ද රනිල් වික්‍රමසිංහ මහතා සමග එක් විම සදහා මේ වන විටත් අපි සමග කතා කරලා තියෙනවා.
එම පිරිස ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරිමෙන් පසුව අප සමග එකතු විම සදහා කැමැත්ත ප්‍රකාශ කර තියෙන්නේ එම තත්වයන් මත ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරිමෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා සමග එකතුවන පිරිස කවුරුන්ද යන්න බලා ගන්න පුලුවන්.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….