ලෝක කාන්තා දිනයට සමගාමිව හැටන් සිටික් ආයතනය විසින් සංවිධානය තරන ලද කාන්තා දින පාගමනක් 09වන දින සවස හැටන් නගරයේදි පවත්වන ලදි.
වතුකර කාන්තා අයිතින් සුරකිමු යන තේමාව යටතේ මෙකි කාන්තා පාගමන සංවිධානය කර තිබු අතර මෙම පාගමන හැටන් දුම්රිය ස්ථානය අසලින් ආරම්භ කර සිටික් ආයතනයේ ශාලාව දක්වා ගමන් කරන ලදි.
මෙම පාගමනට එක්වු වතුකර තාන්නාවන් විවිධ විරෝධතා පුවරු රැගෙන ගමන් කල අතර මේ වන විට වතුකර කාන්තාවන් වන තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද මෙහිදි මෙම කාන්තාවන් පිරිසක් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts