වතුකරයේ අධ්‍යාපනය නගා සිටුවිමෙන් මෙම වතුකර ජනතාවගේ ජිවන රටාවන් වෙනස් කිරිමට හැකියාව පවතින නිසා මෙම වතුකර ජනතාවගේ දරුවන්ට උසස් අධ්‍යාපනය ලබා දිමට හැකි සෑම පියවරක්ම මහනුවර කරිටාස් සිටික් ආයතනය ගන්නා බව හැටන් සිරි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක නියුමන් පිරිස් පියතුමන් පවසයි.

වතුකරයේ ඉගෙනිමට දක්ෂ ආර්ථික අපහසුකම් ඇති උසස් පෙළ හදාරන සිසුන් 21 දෙනකු සදහා මාසිකව රුපියල් 5000 බැගින් ශිෂ්‍යත්ව ලබා දිමේ අවස්ථාවක් අමතමින් නියුමන් පිරිස් පියතුමන් මෙසේ පවසන ලදි.

එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු නියුමන් පිරිස් පියතුමන් පවසන ලද්දේ වතුකර ජනතාවගේ ජිවන රටාවන් වෙනස් කිරිමට වතුකරයේ දරුවන්ට හොද අධ්‍යාපනයක් ලබා දිමට පියවර ගත යුතුයි.

මේ වන විට වතුකරයේ ඉගෙනිමට දක්ෂ දරුවන් ඉන්නවා එත් ඒ අයට පවතින ආර්ථික දුෂ්කරතා නිසා එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අතර මග නතර වෙනවා එම තත්වයන් වෙනස් කර එම දරුවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා යාමටයි මෙම ශිෂ්‍යත්ව මුදල් ලබා දෙන්නේ.
මේ ශිෂ්‍යත්ව මුදල් ලබා ගන්නා මේ දරුවන්ද මෙම මුදල් තම අධ්‍යාපන කටයුතු සදහා පමනක් යෙදවිමට කටයුතු කල යුතුයි එසේ නැතිව මෙම මුදල් වෙනත් කටයුතුවලට යෙදවිමට පියවර ගත්තොත් අපේ අරමුණු ඉටු වන්නේ නැහැ.

එමෙන්ම මෙම දරුවන් සිතා ගත යුතුයි ඔබලා හොදින් ඉගෙන ගෙන හොද රැකියාවන් කරන විට තවත් ඔබ වැනිම ඉගෙනිමට දක්ෂ පිරිසකට අධ්‍යාපනය සදහා උදවු කිරිමට එසේ නැතිව මේ වතු කර සමාජය වෙනස් කරන්න බැහැ එම නිසායි මා මුලින්ම පැවසුවේ මේ වතුකර ජනතාවගේ ජිවන රටාවන් වෙනස් කිරිමට මෙහි අධ්‍යාපනය නගා සිටුවිමට පියවර ගතයුතු බව.
මෙම අවස්ථාවට කරිටාස් සිටික් හැටන් ශාඛාවේ සම්බන්ධිකාරක එස්. නිකලස් මහතාද එක්විය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

 

breaking news sinhala

Similar Posts