වතුකර ජනතාව ලංකාවට පැමින වසර 200ක් ගතවුවද මේ වන තෙක් එම වතුකර ජනතාවට ඉටුවිය යුතු සේවාවන් නිසි ලෙස ඉටුවි නොමැති බවත් එම තත්වයන් මත එම වතුකර ජනතාවට යහපත උදා කිරිම සදහා මෙම යඥා මෙහෙය පවත්වන බව කදුරට එක්සත් කිෂ්ත්‍රියානි සංගමයේ ජේ. එම්. සාරංගපානි පියතුමන් පැවසිය.

හැටන් ඩි. කේ. වීරතුංග සංස්කෘතික කේන්ද්‍රයේදි පැවති යඥා මෙහෙයක් අතරතුර මාධ්‍ය හමුවක් පවත්වමින් මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු සාරංගපානි පියතුමන් මේ කදුකර ජනතාව අද ප්‍රශ්න රාශියක් මැද ජිවත් වෙන්නේ එම ජනතාව ලංකාවට ඇවිත් අවුරුදු 200ක් ගත වුනත් මේ අයගේ සෞඛ්‍ය ප්‍රශ්න, පානිය ජල ප්‍රශ්න, නිවාස ප්‍රශ්න, මේ අයගේ දරුවන්ගේ අධ්‍යාපන ප්‍රශ්න, තවමත් නිසි ලෙස ඉටු වෙලා නැහැ.
එමෙන්ම අඩු තරමින් මේ අයට ජිවත් වෙන්න නිසි වැටුපක්වත් තවම ලැබෙන්නේ නැහැ මෙම තත්වයන් මත මේ වතු කර ජනතාව අද ජිවත් වෙන්නේ ඉතාමත් දුක්ඛිත තත්වයෙන් එම තත්වයන් තුලින් මුදවා ගෙන මේ ජනතාවට යහපත උදාකර දෙන ලෙස අපි යඥා කරමින් දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා.
අපි සියළුම දෙනා එකට එක්ව යඥා කිරිම තුලින් දෙවියන් වහන්සේ අපේ යඥාවන්ට කන්දි මේ අහිංසක ජනතාවට සෙත සාන්තිය උදා කර දෙයි කියන විස්වාසය අප තුල පවතිනවා මොකද දෙවියන් අප කෙරෙහි අනුකම්පා කරන බව අපිට විස්වාශයි එම නිසා මෙවැනි යඥාවලින් දෙවියන් වහන්සේගේ කරුණා මහිමය තුලින් මේ අහිංසක ජනතාවට සෙතක් සිදුවන බවත් අපිට විශ්වාසයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts