වතුකර දරුවන්ගේ මන්දපෝෂය ඉහලට; ජිවන තත්වයත් දිනෙන් දින අගාතයට

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතුකර දරුවන්ගේ මන්දපෝෂණ තත්වයන් දිනෙන් දින ඉහල යමින් පවතින බවත් එම තත්වයන් තුලින් වතුකර දරුවන්ගේ ජිවන තත්වයන් දිනෙන් දින අගාතයට පත් වෙන බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ආචර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.
ඔහුගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
මේ වන විට වතු කම්කරුවන් පත්ව ඇති දැඩි ආර්ථික ප්‍රශ්න හමුවේ එම අයට තම දරුවන් සදහා නිසි ලෙස පෝෂදායි ආහාර ලබා දිමට නොහැකි තත්වයක් පැවතිමත් සමග වතු කර දරුවන් බොහෝ පිරිසක් මේ වන විට මන්ද පෝෂන තත්වයන්ට පත්ව තිබෙනවා.

මෙම තත්වයන් මත එම දරුවන්ගේ අධ්‍යාපන තත්වයන්ද කඩා වැටිමේ අවදානමකට පත් වෙලායි තියෙන්නේ වතු කරයේ බොහෝ දරුවන් මේ වන විට පාසල් යන්නේ උදැසන ආහාරය නොගෙන නිරාහාරවයි එම තත්වයන් මත සමහර දරුවන් පාසල් තුලදි ක්ලාන්ත තත්වයන්ට පත් වෙන බවටත් වාර්ථා වෙනවා.
මේ වන විට එක වසර සිට පහ වසර දක්වා පාසල් දරුවන්ට ආහාර වේලක් ලබා දිමට රජය මගින් පියවර ගෙන තිබෙනවා ඇත්තටම එය ඉතා හොද දෙයක් මෙන්ම පිංසිදුවෙන වැඩක් මොකද මේ තුලින් මේ වතුකර දරුවන්ගේ මන්ද පෝෂන තත්වයන් නැති කිරිමට යම් තරමින් හෝ මෙය උපකාරයක් වෙන නිසා.
එත් මෙහි කනගාටුදායක තත්වයක්ද මේ වතුකරය තුල පවතිනවා මොකද මේ වතුකරයේ සමහර පාසල්වල විදුහල්පතිවරුන් මෙම ආහාර වේල සකස් කිරිම ඔවුන්ගේ හිතවතුන්ට ලබාදි එයින්ද කොමිස් මුදල් ලබා ගන්නා බවට ආරංචි පවතිනවා.

සමහර විදුහල්වල ආහාර වේලට ලබා දිය යුතු බිත්තරය වෙනුවට බිත්තර බාගයක් ලබා දෙන බවත් සමහර පිරිස් පවසනවා රජය මගින් ඉතාමත් උදාර චේතනාවක් මත පාසල් සිසුන්ට ලබා දෙන මෙම කැම වේලේන්ද යම් අයෙක් ගසා කනවානම් එයට කියන්නත් වචන නැහැ.
මෙම තත්වයන් පිලිබද නිසි ලෙස සොයා බැලිමටත් රජය විසින් යම් නිලධාරින් පිරිසක් පත් කල යුතුයි එසේ පත් කර යම් අයකු පාසල් දරුවන්ට ලබා දෙන මෙම කැම වේලෙන්ද යම් වංචාවක් කරන බවට ඔප්පු වුවහොත් එම පුද්ගලයන්ට උපරිම දඩුවම් ලබා දිමටත් පියවර ගත යුතුයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….