නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතුකර දරුවන්ගේ මන්දපෝෂණ තත්වයන් දිනෙන් දින ඉහල යමින් පවතින බවත් එම තත්වයන් තුලින් වතුකර දරුවන්ගේ ජිවන තත්වයන් දිනෙන් දින අගාතයට පත් වෙන බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ආචර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.
ඔහුගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
මේ වන විට වතු කම්කරුවන් පත්ව ඇති දැඩි ආර්ථික ප්‍රශ්න හමුවේ එම අයට තම දරුවන් සදහා නිසි ලෙස පෝෂදායි ආහාර ලබා දිමට නොහැකි තත්වයක් පැවතිමත් සමග වතු කර දරුවන් බොහෝ පිරිසක් මේ වන විට මන්ද පෝෂන තත්වයන්ට පත්ව තිබෙනවා.

මෙම තත්වයන් මත එම දරුවන්ගේ අධ්‍යාපන තත්වයන්ද කඩා වැටිමේ අවදානමකට පත් වෙලායි තියෙන්නේ වතු කරයේ බොහෝ දරුවන් මේ වන විට පාසල් යන්නේ උදැසන ආහාරය නොගෙන නිරාහාරවයි එම තත්වයන් මත සමහර දරුවන් පාසල් තුලදි ක්ලාන්ත තත්වයන්ට පත් වෙන බවටත් වාර්ථා වෙනවා.
මේ වන විට එක වසර සිට පහ වසර දක්වා පාසල් දරුවන්ට ආහාර වේලක් ලබා දිමට රජය මගින් පියවර ගෙන තිබෙනවා ඇත්තටම එය ඉතා හොද දෙයක් මෙන්ම පිංසිදුවෙන වැඩක් මොකද මේ තුලින් මේ වතුකර දරුවන්ගේ මන්ද පෝෂන තත්වයන් නැති කිරිමට යම් තරමින් හෝ මෙය උපකාරයක් වෙන නිසා.
එත් මෙහි කනගාටුදායක තත්වයක්ද මේ වතුකරය තුල පවතිනවා මොකද මේ වතුකරයේ සමහර පාසල්වල විදුහල්පතිවරුන් මෙම ආහාර වේල සකස් කිරිම ඔවුන්ගේ හිතවතුන්ට ලබාදි එයින්ද කොමිස් මුදල් ලබා ගන්නා බවට ආරංචි පවතිනවා.

සමහර විදුහල්වල ආහාර වේලට ලබා දිය යුතු බිත්තරය වෙනුවට බිත්තර බාගයක් ලබා දෙන බවත් සමහර පිරිස් පවසනවා රජය මගින් ඉතාමත් උදාර චේතනාවක් මත පාසල් සිසුන්ට ලබා දෙන මෙම කැම වේලේන්ද යම් අයෙක් ගසා කනවානම් එයට කියන්නත් වචන නැහැ.
මෙම තත්වයන් පිලිබද නිසි ලෙස සොයා බැලිමටත් රජය විසින් යම් නිලධාරින් පිරිසක් පත් කල යුතුයි එසේ පත් කර යම් අයකු පාසල් දරුවන්ට ලබා දෙන මෙම කැම වේලෙන්ද යම් වංචාවක් කරන බවට ඔප්පු වුවහොත් එම පුද්ගලයන්ට උපරිම දඩුවම් ලබා දිමටත් පියවර ගත යුතුයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts