වතු කම්කරුවන්ගේ අයිතින් පිලිබදව වතුකරයේ තරුණ පිරිස දැනුවත් කිරිමේ වැඩ සටහනක් හැටන් සිටික් ආයතනයේදි 14වන දින පවත්වන ලදි.
මෙහිදි අදහස් දැක්වු සිටික් ආයතනයේ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකාරක එස්. නිකලස් මහතා පවසන ලද්දේ වතුකරයේ ජනතාවගේ අස්ථාන ගතවන මෙන්ම අලුතින් ලබා ගත යුතු උප්පැන්න සහතික, මරණ සහතික, ජාතික හැදුම්පත්, මෙන්ම ඊ. ටි. එෆ්. හා ඊ. පි. එෆ්. අරමුදල් ලබා ගැනිමට යාමේදි සමහර තැරවුකරුවන් එම වතු කම්කරුවන්ගෙන් විශාල මුදලක් ලබා ගන්නා බවත්ය.

මෙම තත්වයන් මත එම කම්කරුවන් දැඩි දුෂ්කරතාවයන්ට පත් වන්නා සේම ඔවුන්ගේ විශාල මුදලක් නිකරුනේ වැය වන බවත් මෙම තත්වයන් තුලින් එම පිරිස බේරා ගැනිම සදහා වතුකරයේ තරුණ පිරිසට මේ පිලිබදව දැනුම ලබා දිමට මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරන බවත්ය.
මේ පිලිබද මෙම තරුණ පිරිසට දැනුම ලබා දිම නිතිඥ ලලිතා අම්බිගේ මහාත්මිය කටයුතු කරන බවත් මෙම දැනුවත් කිරිමෙන් පසු වතු කම්කරුවන්ගේ එම කාර්යන් කර ගැනිමට මෙම තරුණ පිරිසට හැකියාව ලැබෙන බවත්ය.

මෙහිදි අදහස් දැක්වු නිතිඥ ලලිතා අම්බිගේ මහත්මිය පවසන ලද්දේ වතු කම්කරුවන්ගේ අසරනබාවයෙන් සමහර පිරිස් එම වතු කම්කරුවන් දැඩි සුරාකැමකට ලක් කරන බවත් එවන් තත්වයන් මත වතුකරයේ තරුණ පිරිස මෙසේ දැනුවත් කිරිමට පියවර ගැනිම ඉතාමත් කලෝචිත ක්‍රියාවක් බවත්ය.
මෙහිදි නිතිඥ ලලිතා මහත්මිය වතු කම්කරු අයිතිවාසිකම් පිලිබදව එම තරුණ පිරිස දැනුවත් කිරිම කල අතර අවශ්‍ය අවස්ථාවලදි නිතිඥ සහාය නෝමිලේ ලබා දිමට පියවර ගන්නා බවද පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts