වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කම්කරු දිනයේදි කරන ලද පොරෝන්දුව මේ වන විට අසාර්ථක විමේ අවදානමක් පවතින බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.
හැටන්හි පිහිටි ඔහුගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි මේ පිලිබදව වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි දිනයේදි පැවසුවා වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කරන බව එත් එම වැටුප් වැඩි කිරිම කල නොහැකි බවත් මෙයට එරෙහිව අධිකරණයට යන බවත් වතු හාම්පුතුන්ගේ සංගමය පවසනවා එම තත්වයන් මත මෙම වැටුප් වැඩි කිරිම මෙම අයගේ රගපැමක්ද කියා සැකයකුත් පවතිනවා.
මොකද යම් අකාරයකින් මෙම වැටුප් වැඩි කිරිමට එරෙහිව වතු හාම්පුතුගේ සංගමය අධිකරණයට ගියොත් එම නඩුව නිමවන තෙක් මේ වතු කම්කරුවන්ට දැනට ලැබෙන වැටුපට රුපියල් 700 වැටුප් වැඩි විමක් ශත පහක වැටුප් වැඩි කිරිමක්වත් සිදුකරන්න බැරි වෙනවා.
මේ වතු කම්කරු වැඩි කිරිම මේ වන විට දේශපාලන හා වෘත්තිය සමිතිවල නාට්‍යක් බවට පත් වෙලා තියෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තිබුනේ අදාල වතු සමාගම් සමග කතා කරලා මේ වතු කම්කරු වැටුප් වැඩි කිරිම ප්‍රකාශයට පත් කරන්නයි මොකද මේ වැටුප් වැඩි කිරිම පිලිබදව වතු සමාගම් කරන චෝදනාව තමයි ඔවුන් සමග මේ පිලිබදව සාකච්චා කලේ නැහැ කියන එක.
මෙම තත්වයන් මත වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි විම කවදා සිදුවෙයිද කියන ප්‍රශ්නයක් මතු වෙනවා මේ වැටුප් ප්‍රශ්නය මුල් කර ගෙන හැමදාම කරන්නේ වතු කම්කරුවන් රැවටිමයි ඉදිරියේදි පැවැත්වෙන මැතිවරණවලදිත් වේදිකා දෙවනත් කරන්න ආපු දෙයක් තමයි මෙම වැටුප් වැඩි විම.
මේ වැටුප් වැඩි කරන බව පවසන විට වතු කම්කරුවන් උදදාමයට පත් වෙනවා එත් ටික දිනක් යන විට මෙය බොරුවක් බවට පත් වෙනවා 2019 මැතිවරණ වේදිකාවලත් සමහර අය රුපියල් දාහාක වැටුප් කරන බව පවසන විට තවත් සමහර අය නැහැ අපි බලයට පත් වුනොත් රුපියල් එක් දහාස් පන්සියයක් දෙදහක් දක්වා වැටුප් වැඩි කරන බවත් පැවසුවා එත් මේ රුපියල් දහාස වැඩි කලෙත් 2021 හෝ 2022 පමන.
ඒ වගේ තමයි මෙවරත් මෙම වැටුප් වැඩි කිරිම දේශපාලන වේදිකාවල හොද කටගැස්මක් බවට පත්වෙයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts