වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩිකිරීම අසාර්ථක විමේ අවදානමක්

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කම්කරු දිනයේදි කරන ලද පොරෝන්දුව මේ වන විට අසාර්ථක විමේ අවදානමක් පවතින බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.
හැටන්හි පිහිටි ඔහුගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි මේ පිලිබදව වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි දිනයේදි පැවසුවා වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කරන බව එත් එම වැටුප් වැඩි කිරිම කල නොහැකි බවත් මෙයට එරෙහිව අධිකරණයට යන බවත් වතු හාම්පුතුන්ගේ සංගමය පවසනවා එම තත්වයන් මත මෙම වැටුප් වැඩි කිරිම මෙම අයගේ රගපැමක්ද කියා සැකයකුත් පවතිනවා.
මොකද යම් අකාරයකින් මෙම වැටුප් වැඩි කිරිමට එරෙහිව වතු හාම්පුතුගේ සංගමය අධිකරණයට ගියොත් එම නඩුව නිමවන තෙක් මේ වතු කම්කරුවන්ට දැනට ලැබෙන වැටුපට රුපියල් 700 වැටුප් වැඩි විමක් ශත පහක වැටුප් වැඩි කිරිමක්වත් සිදුකරන්න බැරි වෙනවා.
මේ වතු කම්කරු වැඩි කිරිම මේ වන විට දේශපාලන හා වෘත්තිය සමිතිවල නාට්‍යක් බවට පත් වෙලා තියෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තිබුනේ අදාල වතු සමාගම් සමග කතා කරලා මේ වතු කම්කරු වැටුප් වැඩි කිරිම ප්‍රකාශයට පත් කරන්නයි මොකද මේ වැටුප් වැඩි කිරිම පිලිබදව වතු සමාගම් කරන චෝදනාව තමයි ඔවුන් සමග මේ පිලිබදව සාකච්චා කලේ නැහැ කියන එක.
මෙම තත්වයන් මත වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි විම කවදා සිදුවෙයිද කියන ප්‍රශ්නයක් මතු වෙනවා මේ වැටුප් ප්‍රශ්නය මුල් කර ගෙන හැමදාම කරන්නේ වතු කම්කරුවන් රැවටිමයි ඉදිරියේදි පැවැත්වෙන මැතිවරණවලදිත් වේදිකා දෙවනත් කරන්න ආපු දෙයක් තමයි මෙම වැටුප් වැඩි විම.
මේ වැටුප් වැඩි කරන බව පවසන විට වතු කම්කරුවන් උදදාමයට පත් වෙනවා එත් ටික දිනක් යන විට මෙය බොරුවක් බවට පත් වෙනවා 2019 මැතිවරණ වේදිකාවලත් සමහර අය රුපියල් දාහාක වැටුප් කරන බව පවසන විට තවත් සමහර අය නැහැ අපි බලයට පත් වුනොත් රුපියල් එක් දහාස් පන්සියයක් දෙදහක් දක්වා වැටුප් වැඩි කරන බවත් පැවසුවා එත් මේ රුපියල් දහාස වැඩි කලෙත් 2021 හෝ 2022 පමන.
ඒ වගේ තමයි මෙවරත් මෙම වැටුප් වැඩි කිරිම දේශපාලන වේදිකාවල හොද කටගැස්මක් බවට පත්වෙයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….