ඉන්දියානු රජයේ මුල්‍ය ආධාර මත වතු කම්කරුවන් සදහා ඉදිකිරිමට යෝජිත නිවාස සදහා මුල් ගල් තැබිම 19වන දින හැටන් කලාපයේ ස්ථාන 09කදි සිදු කරන ලදි.

මෙම යෝජනා ක්‍රමය යටතේ හැටන් කලාපයේ වතු නවයක නිවාස තුන්සිය පහක් (305) ඉද්කිරිමට යෝජිත අතර එහි  එක් ප්‍රධාන උත්සවයක් කැළනි වැලි වැවිලි සමාගමට අයත් ඇන්ෆිල්ඩ් වතුයායේදි සිදු කරන ලදි.

මෙම වතුයායේ නිවාස 25ක් ඉදිකරන අතර වර්ග අඩි 550ක නිවසක් ඉදිකිරිම සදහා රුපියල් ලක්ෂ 28ක මුදලක් වෙන්කර ඇති බව හැටන් වැවිලි මානව සංවර්ධන භාරයේ ජේශ්ඨ අධ්‍යක්ෂක චානක රණසිංහ මහතා පැවසිය.

මෙම නිවාස ඉදිකිරිම සදහා මුල්ගල් තැබිම ලංකා කම්කරු කොංග්‍රයේ උප සභාපති හිටපු මධ්‍යම පලාත් සභා මංත්‍රි පිලිප් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මෙම අවස්ථාවට හැටන් වැවිලි මානව සංවර්ධණ භාරයේ ජේශ්ඨ අධ්‍යක්ෂ චානක රණසිංහ, එහි ජේශ්ඨ ඉංජිනේරු ආර්. එම්. කේ. ශාන්ත, නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති ක්‍රිසෝර් කුමාර්, එහි හිටපු මංත්‍රනි එස්. අරුල්නායගි යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් එක්ව සිටින ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts