Tea labour jobs Tea labour pdf tea plantation workers in sri lanka living conditions of tea plantation workers tea plantation workers problems estate workers in sri lanka tea pluckers in sri lanka story of estate labour in sri lanka

කඳුකරයේ වතුවල සේවය සඳහා මීට වසර දෙසීයකට පෙර මෙරටට ගෙන එන ලද ඉන්දීය දෙමළ ජනයා කඳුකරයට රැගෙන ආ මාර්ගය ඔස්සේ සංවිධානය කර තිබූ පා ගමන ‘මූලයන් සොයමින් අයිතීන් දිනාගමු (මාන්ඹුගු මලෛයහ මක්කල්)’ ඊයේ (29) උදෑසන තලෙයිමන්නාරමෙන් ආරම්භ කර තිබේ.

ඊයේ සවස තලෙයිමන්නාරමේ දී සංකේතාත්මකව කඳුරයේ දෙමළ ජනතාව වෙනුවෙන් තලෙයිමන්නාරමේ ඉඳිකර තිබූ ස්මාරකයක් වෙත ගෞරවය දක්වන ලදී.

මෙම පා ගමන 1823 දී පළමු වතු කම්කරු පිරිස පැමිණි තලෙයිමන්නාරමේ සිට මාතලේ දක්වා ගමන් කරයි. ඊයේ දවසේ ගමනේ නැවතුම පේසාලෙයි.  ගමනේ දුර කිලෝ මීටර් 15 කි.

මෙම පා ගමන දින 16 ක් අවසානයේ මාතලේ ප්‍රදේශයෙන් අවසන් වේ.

Similar Posts