වයඹ වළං කරුවන්ට හුළං බොන්න වෙලා

walan

මෙවර උත්සව සමයේ තම අලෙවිය ඉතා අවම මට්ටමක පැවතීම හේතුවෙන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බව වළං කර්මාන්තයේ නියැළෙන කර්මාන්තකරුවෝ හා වෙළෙන්දෝ කියා සිටිති.

කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයා ගැනීමේදී ගැටලුකාරී තත්ත්වය මත තම කර්මාන්තය පවත්වා ගෙනයාමට දැඩි පසුබෑමකට ලක්ව ඇති බවද ඔවුන් පෙන්වා දෙති. දිවයිනේ මැටි ආශ්‍රිත කර්මාන්ත විශාල ලෙස පවත්වාගෙන යන්නේ වයඹ පළාත තුළය. කොතරම් අපහසුකම් තිබුනද වළං කර්මාන්තයේ නියැළෙන බොහෝ පිරිස් නව නිෂ්පාදන දිනෙන් දින අත්හදා බලමින් කර්මාන්තයේ නියැළෙති. මේ අතර ගෑස් උඳුන්වල ආහාර පිසීමට භාවිතා කරන වළං ඇතුළු මැටි භාණ්ඩ නිෂ්පාදනය කෙරෙහි කර්මාන්තකරුවන් දැඩි උනන්දුවක් දක්වති.

ඒ එම භාණ්ඩවලට විශාල ඉල්ලුමක් පවතින නිසාවෙනි. වයඹ පළාතේ මැටි ආශ්‍රිත කර්මාන්තයේ නියැළෙන ජනතාව ජීවත් වන ප්‍රධාන එක් ගම්මානයක් වන්නේ වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරිමැටියාන ගම්මානයයි. එම ගම්මානයේ පාරම්පරිකව කර්මාන්තය පවත්වාගෙන යන පවුල් සංඛ්‍යාව තුන්සියයකට අධිකය. ඔවුන් මෙවර උත්සව සමයට පවතින ආර්ථික දුෂ්කරතාවන් පසෙකලා වෙනදා මෙන් ලහි ලහියේ උත්සව සමයට වළං මුට්ටි සූදානම් කළේ බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳගෙනය. එහෙත් ඒ සියලු බලාපොරොත්තු පසුගිය දින කීපය තුළ සුන්වී ගොස් ඇති බව කර්මාන්තයේ නියැළෙන්ණන් පවසති.

එච්.පී තිලකරත්න

අපි මේ කර්මාන්තය පටන්ගෙන දැන් අවුරුදු ගණනාවක් වෙනවා. වෙනදාට රුපියල් 20,000ක 25000ක වළං මුට්ටි විකුණනවා. මේ දවස්වල දවසකට රුපියල් 8000ක විතර තමයි විකුණන්නෙ. ඒත් බොහොම අමාරුවෙන්. අමුද්‍රව්‍ය ගණන්. ප්‍රවාහනය කරන්න විශාල මුදලක් යනවා. සේවකයින්ට පඩි නඩි දෙන්නෙ බොහොම අමාරුවෙන්. මේ සියලුදේ බලල අපි සුළු ලාභයක් තියල ගණන් කීවත් ඒ මිලට ගන්නෙ නෑ. මේ අවුරුද්දෙ තමයි මම දන්න කාලෙක මේ වගේ දෙයක් වුණේ.

ජයතිලක බණ්ඩාර

මම දන්න කාලෙක මේ වගේ පිඩාවකට පත් වුණේ නෑ. නත්තල්වලටත් කලින් බඩු දැම්මෙ. දවස් අටක් හිටියා. ගෙනාපු වළං මුට්ටිවලින් භාගයක්වත් වික්කෙ නෑ. මිනිස්සු දන්නෙ නෑ ප්‍රශ්න ගොඩකට අපි මැදිවෙලා ඉන්නේ. ඇත්තටම ප්‍රධාන අමුද්‍රව්‍ය වන මැටි ලබා ගැනිමේදී විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙනවා. අපි මැටි ගුලි වශයෙන් තමයි ගේන්නෙ. ඒවා ප්‍රවාහනය කරන්න පුළුවන්, හැබැයි මැටි කපන්න තහනම්. එවැනි නීතිරීති තිබෙන නිසා පිටින් මැටි කපන අය විශාල මිලක් අය කරනවා. මේවා ගැන රජය හොයල බලලා සාධාරණයක් කරන්න කියල අපි ඉල්ලනවා.

මිහිර – මාරවිල සමූහ

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….