නුවරඑළිය දිස්ත්‍රික්කයේ හා වව්නියාව, කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවල ස්වෙච්චා සංවිධාන නියෝජිතයන් අතර අදහස් හුවමාරු කර ගැනිමේ වැඩ සටහනක් හැටන් ඩයිනින් ඉන් ශාලාවේදි 09වන දින පැවැත්විනි.
වව්නියාව ඔන්ෆෝඩ් ආයතනය මගින් මෙම වැඩ සටහන සංවිධානය කර තිබු අතර මෙහිදි එම දිස්ත්‍රික්කවල පවතින ආර්ථික, සමාජිය, සංස්කෘතික, ජිවන තත්වයන් මෙන්ම ජනතා අයිතිවාසිකම් පිලිබදවද අදහස් හුවමාරු කර ගැනිමටද පියවර ගන්නා ලදි.
එහිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතුකර ජනතාව තුල පවතින දැඩි ආර්ථික ප්‍රශ්න මෙන්ම එම කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් පිලිබදවද අවදානය යොමු කිරිමක්ද සිදු කරන ලදි.
මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ස්වෙච්චා සංවිධාන නියෝජිතයන් 20ක් හා වව්නියාව, කිලිනොච්චිය නියෝජනය කරමින් ස්වෙච්චා සංවිධාන නියෝජිතයන් 15 දෙනකු එක්ව සිටින ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts