පසුගිය දිනවල දැඩි කතා බහට ලක්වූ කන්තලේ වාන් ඇල විහාරගල රජ මහා විහාරයේ ඇති පුරාණ සෙල්ලිපි පිටපත් කිරීමට පුරා විද්‍යා සහකාර අධ්‍යක්ෂක බුද්ධි නාගොඩවිතාන මහතා පැමිණියේ විහාරස්ථානයේ හා දායකයින් ගේ බලවත් ඉල්ලීම මතය.
එහිදී මීට වසර 2200 කටපෙර කාවන්තිස්ස රාජ සමයේ බව හා මෙහි රහතන් වහන්සේලා වැඩ සිටි බවට හා තවත් සෙල්ලිපි කීපයක් මැකී ගොස් ඇති හෙයින් ඒවා සම්පූර්ණ කර ගැනීමටත් ඉදිරියේ දී තවත් සොයා බැලීම් කිරීමටත් බලාපොරොත්තු වනබවත් නාගොඩවිතාන මහතා පැවසුවේය.
මෙහි ඇති ලෙන් පද්ධතිය ඉතාසුවිශේෂී බව හා ලංකාවේ වෙනත් ස්ථානයක දක්නට නොමැති සුවිශේෂී බවක් ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.
දායකයින් හා අවට ජනතාව කිආ සිටින්නේ මෙම වටිනා පූජනීය ස්ථානය වන්දනා මාන කිරීමට හැකි ස්ථානයක් බවට සකස් කර දෙන ලෙසත් ය.

සුමිත්‍රා කුමාරිහාමි

Similar Posts