වායු දූෂණය නිසා දිල්ලියේ, කරච්චියේ ඉරණම කොළඹට ආවේ නැත්තේ ඇයි?

වායු දූෂණය නිසා ඉන්දියාවේ දිල්ලිය, පාකිස්ථානයේ කරච්චිය අද මුහුණ දෙන ඉරණමින් කොළඹ නගරය බේරා ගත හැකි වූයේ වෛද්‍ය රුවන් විජේමුණි මහතා ඇතුළු පිරිස වායු දූෂණය මැඩලීම සඳහා ක්‍රියාත්මක කළ දුම් පරීක්ෂාව වැනි වැඩපිළිවෙළ නිසා බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ  එක්සත් ජනරජ පෙරමුණ සහ ‘කොළඹ පන්නරය’ විසින් සංවිධානය කෙරුණු කොළඹ සිත්තරා, කථිකයා, ජන ගී ගායක ඇගයීම ට එක්වෙමිනි. මෙම වැඩසටහන පැවැත්වුණේ පිටකොටුව පාවෙන වේදිකාව පරිශ්‍රයේ දී ය.
වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;

“ස්තුතිවන්ත වෙනවා සචිත් රණසිංහ, කවීෂ රණසිංහ ඇතුළු සියලුම දෙනාට මේ අවස්ථාව කොළඹ නගරයේ අපේ දූ දරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම අව වරප්‍රසාදිත අපේ දූ දරුවන් වෙනුවෙන් මේ අවස්ථාව සංවිධානය කිරීම ගැන කොළඹ නගරය ඉදිරියටත් පවත්වාගෙන යන්න වෙන්නේ මේ අපේ දරු පරම්පරාව ඇතුලේ.

පහුගිය දවස්වල නවදිල්ලියේ ඉස්කෝල වහලා දරුවෝ ගෙදර යවලා. ඇයි වායු දූෂණය නිසා. කොළඹත් ඒ වගේ ප්‍රශ්නයක් ඇති වෙමින් තිබුණා. අපේ කොළඹ මහ නගර සභාවේ හිටපු වෛද්‍ය රුවන් විජේමුණි මැතිතුමා තමයි මීට අවුරුදු විස්සකට කලින් මේ කොළඹ නගරයේ දරුවෝ හුඟ දෙනෙකුට කැස්ස හැදෙනවා. විශාල වශයෙන් ශ්වසන ආබාධ තියෙනවා. මේකට හේතුව හැටියට මේ කොළඹ බස් එකෙන්, දුම්රියෙන් ඒ වගේම රථවාහන වලින් හරියටම ලක්ෂ හය වාහන කොළඹට ඇතුල් වෙනවා දවසකට මේ කොළඹ ඇතිවන වායු දූෂණය අඳුරගත්තේ. ඒ අනුව තමයි ඒක නැති කරන්න අපි 2008 දි ප්‍රවාහන අමාත්‍යාංශයට මඟ පෙන්වලා ඒ කටයුතු ආරම්භ කළේ. අදටත් සමහරු අපිට ඕකට දොස් කියනවා. ඔය දුම් පරීක්ෂා කතාවට. නමුත් අද දිල්ලියේ ඉරණම කල්කටාවේ ඉරණම ඒ වගේම කරච්චියේ ඉරණම ඩකා නගරයේ ඉරණම කොළඹ නගරයට ඇවිල්ලා නැත්තේ මේ එදා විජයමුණි දොස්තර මහත්තයා ඇතුළු පිරිස කරපු පුරෝගාමී කාර්යභාරය නිසයි.

කොළඹ කසල කිසිම ජනාධිපතිලා ගණනාවක් බිහිකරපු, අගමැතිලා ගණනාවක් බිහිකරපු, මේ නගරයට බැරිවුණා කොළඹ කසල ප්‍රශ්නය විසඳගන්න. 33 දෙනෙක් මිය ගියා. මීතොටමුල්ලේ. ඒ අපරාධෙන් පස්සේ, කොළඹ නගරයේ කැලිකසල ප්‍රශ්නය විසඳන්න, එදා අපිට පුළුවන්කම ලැබුණා. අද කොළඹ කැලිකසල අද මේ කොළඹ විදුලි උත්පාදනය වෙන්නේ කොළඹ නගරයේ කැලි කසලෙන්. ඒක හුඟාක් දෙනෙකුට දන්නැති දෙයක්. නමුත් ඇත්තටම ඒකට මහන්සි වෙච්ච විශාල පිරිසක් හිටියා. කැප වෙච්ච විශාල පිරිසක් හිටියා. විරෝධතා මැද්දේ තමයි කොළඹ නගරයම ඔබ ඡන්දය දීපු ඇතැම් නාගරික මන්ත්‍රීලා, පාර්ලිමේන්තු මන්ත්‍රීලා ඒ විරෝධතාවය මත තමයි ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කරලා, ඒ සහනය ලබා දුන්නේ. ඒ වගේම මේ කොළඹ අපේ ජනතාව පවුල් ඉන්නවා 70,000 ක් අවවරප්‍රසාදිත ඒගොල්ලන්ට හරිහමන් නිවාසයක් නෑ. ඒගොල්ලන්ට වැදගත් විදිහට දූ දරුවන් විශේෂයෙන්ම අපේ කාන්තා දැරිවියන්ට ඉන්න පුළුවන් තැනක් නෑ. අන්න ඒ නිසා අපි ඒ නිවාස යෝජනා ක්‍රම ගණනාවක් ඇති කළා. අවාසනාවකට අපට ඒවා නිම කරන්න කලින් ඒ බලය අහිමි වුණා. ඉතින් ඉදිරි කාලෙදි මේ කොළඹ නගරය නගරයක් හැටියට හිස ඔසවන්න නම් විධිමත් වාණිජ මධ්‍යස්ථානයක් වෙන්න නම් ඒ නිවාස පද්ධති, ඒ වගේම ඒ වෙළඳ පද්ධති විධිමත් වෙන්න ඕනේ. අපිට පේනවා මොන හරි විදේශ මාධ්‍ය ආයතනයකින් ආවාම මේ පිටකොටුවට දුවගෙන ඇවිල්ලා, ඔය දුප්පත් ජනතාව ජීවත්වෙන පැතිවලට කැමරාව අල්ලලා, ලංකාව ගැන ප්‍රතිචාරය දෙන්නේ. අන්න ඒ තත්ත්වය නැති කරන්න, අපි මේ කොළඹ නගරය ඉදිරි කාලයේදී ගොඩනගා ගන්න ඕනේ. ඒක ගොඩනගන්න කලින්, අපි මේ මිනිස්සු ගොඩනගන්න ඕනේ. අන්න ඒක නිසා තමයි, අපේ සචිත් රණසිංහ මැතිතුමා, මේ දරුවෝ අතර කලා කුසලතාවය, ක්‍රීඩා කුසලතාවය, ඒ වගේම ආගමික භක්තිය වැඩිදියුණු කරන වැඩ ගණනාවක් මේ කොළඹ නගරය අද දියත් කරලා තියෙන්නේ. හොඳ මිනිස්සු හිටියොත් පරිසරය ආරක්ෂා වෙයි. ඒ වගේම කලා කුසලතාව ඔප් නැංවෙයි. අනෙකුත් ආකාරයේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් වෘත්තීය මට්ටමේ අධ්‍යාපනික පිරිසක් බිහිවෙයි. අන්න ඒ සඳහා ඒ ගත්ත ක්‍රියාමාර්ගයට කොළඹ පන්නරයට අපේ උත්තමාචාරය පිරිනමමින් මම නිහඬ වෙනවා. ඔබ සියලු දෙනාටම බොහොම ස්තූතියි.”

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….